පසුගියදා පිළියන්දලදී පොලිස් මත්ද්‍රව්‍ය වැටළීම් නිලධාරීන් නොමග යවා ඝාතන හා තුවාල සිදු කර ඇත්තේ
දකුණේ පාතාල නායක මාකඳුරේ මධුෂ් බව මේ වනවිට පොලිසිය සොයාගෙන තිබෙනවා. සමයං ඝාතනය ඇතුළු අපරාධ රැසකට අවශ්‍යව සිටින ඔහු මේ වනවිට ඇමරිකාවේ වාසය කළත් ඒ රටේ සිට මේ රටේ පාතාල සගයන්ට උපදෙස් දෙමින් මත්ද්‍රව්‍ය අලෙවිය,මිනීමැරුම්,කප්පම් ඇතුළු පාතාල ක්‍රියාකාරකම්රැසකට නිදැල්ලේ සම්බන්ධවෙමින් සිටී.
දැනට මෙරටින් පලා ගොස් ඇමරිකාවේ සැඟවී සිටින 'මාකඳුරේ මධුෂ්' නමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය ඇමෙරිකාවේ මත්ද්‍රව්‍ය
පිළිබඳ කටයුතු කරන අන්තර්ජාතික ආයතනයේ සහාය පතා තිබේ.කලක්  ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් 'මධුෂ්' නමැත්තා හෙරොයින් ජාවාරම මෙහෙයවමින් සහ එරට සිට පාතාලය හසුරවමින් සිටින බවටද පොලිසියට තොරතුරු ලැබී තුබණි.
මීට මාස කිහිපයකට ඉහතදී කළුතර එතනමඬල ප්‍රදේශයේදී පාතාල නායක 'සමයං' ඇතුළු ඔහුගේ ගෝලයන් පස්දෙනකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකු ඝාතනය කිරීමේ සැලසුමද දුරකතන හරහා 'මධුෂ්' සැලසුම් කර තිබූ අතර ඔහුට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය ක්‍රියාත්මක කරවීම ලංකාවේ පොලිසියේ වෑයමයි.