ඊයේ රාත්‍රී ඉන්දුනීසියාවේ ප‍්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙයි. ඉන්දුනීසියාවේ මධ්‍යම සුලවේසි ප‍්‍රාන්තයේදී සිදුවූ
මෙම භූ කම්පනයේ ප‍්‍රබලත්වය රික්ටර් ඒකක 6.8 කි.
නිවාස සහ
ගොඩනැගිලි ගණනාවකට හානි සිදුව ඇති මුත්  තහවුරු කළ සවිස්තරාත්මක වාර්තා මෙතෙක් නිකුත් කර නැති අතරම සුනාමි අවදානමක් ඇති බව දක්වා නැත.
ශ්‍රී ලංකාවට මෙමගින් කිසිදු හානියක් නොවන බව තහවුරු කර තිබේ.
ඉන්දුනීසියාවේ භූ චලනයෙන් ශ්‍රී ලංකාව දෙසට සුනාමි රළ තරංග පැමිණෙතැයි මෙම ගංවතුර විපත අතරවාරයේ වැරදි කටකතා පැතිර ඇති නමුත් ඒවායේ කිසිදු පදනමක් නැත.