පොලිසිය අත්ඩංගුවට ගන්නට යාම වැරදේ
අද සවස මල්වතු විහාරය ඉදිරිපිට
ගලගොඩගොඩඅත්තේ ඥාණසාර හිමියන් උපවාසයේ


පූජ්‍ය ගලගොඩගොඩඅත්තේ ඥාණසාර හිමියන් පෙරේදා රාත්‍රී මුස්ලිම් පල්ලියකට ප්‍රහාරයක් එල්ල කිරීමට අනුබල දීමේ සිද්ධියකට සැකපිට කුරුණෑගල යාබද මහමගකදී පාර හරස් කර අත්අඩංගුවට ගැනීමට යාම වැරදී ගිය පුවතක් සහ උන් වහන්සේ අද සවස මල්වතු විහාරය ඉදිරිපිට උපවාසයක් ඇරඹීමේ සිද්ධි දෙකක් වාර්තාවේ.
කොළඹ අපරාධ විමර්ශන
කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු නිලධාරීන් දසදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පෙරේදා රාත්‍රී ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට වැල්ලව පේද්දව සුළුගල් විහාරයේ  සිට වාහනයෙන් පිටත්ව යද්දී දැරූ උත්සාහයක් මුලින් වාර්තා විය.

කුරුණෑගල මුස්ලිම් පල්ලියකට සිදුවූ ප්‍රහාරයකින් පල්ලියේ දහම් අධ්‍යාපනය පවත්වන ගොඩනැගිල්ලට හානි සිදුව ඇති අතර ඒ සම්බන්ධව මෙතෙක් කිසිවෙක් අත් අඩංගුවට ගෙන නැත.
හිමියන්  කුරුණෑගල ගොස් ජනතාව කුපිත කරවා මේ දේවල් කළ බව පොලිසිය දැනුවත්වී මෙම අත්අඩංගුවට ගැනීමේ උත්සාහය සිදුකර ඇති බව වාර්තා විය.
ඥාණසාර හිමියන් සමග බොදුබල සේනා සංවිධානයේ තවත් හිමිවරුන් පිරිසක් හා එහි සාමාජිකයින් පිරිසක් කුරුණෑගල දෙසට අාපසු ගමන් කරමින් සිටියදී රාත්‍රී 11.00 ට පමණ
ඥාණසාර හිමි ගමන් කළ වාහනය හරහට වාහනයක් නතර කර පොලිස් කණ්ඩායම දැනුම්දී ඇත්තේ ඥාණසාර හිමියන්ට අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය බවකි.
හිමියන් සමග ගමන් කළ පිරිස මේ ආකාරයට අත්අඩංගුවට ගන්නට බලයක් නැති බව කියමින් එයට ඉඩදී නැත.මේ අවස්ථාවේදී ඥාණසාර හිමියන් දැඩි ආවේගශීලීව පොලිස් නිලධාරීන්ට දොස් පැවරූ බවද වාර්තා විය.
විශාල පිරිසක් වටවී ඥාණසාර හිමියන්ට සහාය පළකරමින් පොලීසියේ ක්‍රියාකලාපයට විරෝධය දැක්වූ නිසා පොලිසිය එම උත්සාහය අතහැර දමා ඇත.
අනතුරුව හිමියන් පිරිස සමග එතැනින් පිටව ගිය බව වාර්තා විය. හිමියන් අත් අඩංගුවට ගැනීම ගැන නීතිය හා සාමය භාර ඇමැති හෝ අධිකරණ ඇමැති හෝ දැන සිටියේ නැති බව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබේ.

අද මහනුවර මල්වතු විහාරයට වැඩම කර කරුණු පැහැදිලි කර අද සවස මල්වතු විහාරය ඉදිරිපිට සිට උන් වහන්සේ උපවාසයක් අරඹා ඇත. එහි හේතුව ලෙස දක්වා ඇත්තේ බෞද්ධයන්ට සිදුවන සියලු අකටයුතුකම් වලට තමන් විරුද්ධ බවයි.
Update 10.pm
- 21 ඉරිදා සවස ආරම්භ කළ උපවාසය රාත්‍රී 10 ට අවසන් කළ බව උන් වහන්සේ පසුව නිවේදනය කළා.