22 සඳදා පෙරවරු 8 සිට පැය 24ක කාලයක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දන්වා තිබේ. සුපුරුදු පරිදි සයිටම් තහනම ඇතුළු ඉල්ලීම් කිහිපයක්
මුල්කර ගනිමින්
මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව එහි දැක්වේ.
ඒ අනුව 22 සඳුදා උදෑසන 8ට ආරම්භ වන වැඩ වර්ජනය පසුදින උදෑසන 8 දක්වා ක්‍රියාත්මක වේ.මාතෘ, ළමා, පිළිකා සහ ත්‍රිවිධ හමුදා රෝහල්වල , වකුගඩු රෝග ප්‍රතිකාර ඒකකවල මෙම වර්ජනය ක්‍රියාත්මක නොවන බව දන්වා ඇත.
මින් ඉහත පුද්ගලික චැනලින් වලට වර්ජනය බලපෑවේ නැති නමුත් 22 උදේ 8 සිට 23 උදේ 8 දක්වා මියලුම පුද්ගලික රෝහල්වලද මුල්වරට චැනල් සේවාව නතරවනු ඇති බව මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද පැහැදිලි කර ඇත.