ගංවතුර සහ නායයාම් ඇතුලූ ආපදාවන් සහිත ප‍්‍රදේශ නැරඹීම සදහා පැමිණි පිටස්තර පුද්ගලයින් හය දෙනකු
ගතවු දින කිහිපය තුළ
මියගොස් තවත් 16 දෙනකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පි‍්‍රයන්ත ජයකොඩි මහතා පවසයි.
මෙම පිරිස ඇඳවැටීමෙන්, ගංවතුරේ ගසාගෙන යාමෙන් සහ දියේ ගිලීමෙන්, ආදි විවිධ අනතුරුවලින් මියගොස් ඇති බවට වාර්තා වී ඇති බවද ඒ මහතා ප්‍රකාශ කරයි. කළුතර, රත්නපුර,සහ මාතර යන ප‍්‍රදේශ වලින් මෙම අනතුරු වාර්තා වී ඇති බවද පැවසේ.
අපදාවලට ලක්වු ප‍්‍රදේශ නැරඹිමට එම ප‍්‍රදේශ වෙත පැමිණීමෙන් වලකින ලෙසට පොලිසිය මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කර තිබියදී එම අවවාද පිළිනොගැනීම නිසා මෙම පිරිස අනතුරුවලට ලක්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පවසයි.