බන්ධනාගාර බස් රථයකට එල්ල කළ වෙඩි පහර නිසා පාතාල නායක සමයං ඇතුළු පුද්ගලයන් හත් දෙනකු
ඝාතනය කිරීමේ
සිද්ධියට අදාළ පරීක්ෂණ අනුව  අංගොඩ ලොක්කාගේ ගෝලයකු වන බත්තරමුල්ලේ බන්ටි යන අයගෙන් ලද ප්‍රකාශයක් මත ඊට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයකු රිවෝල්වරයක් සමඟ  හිඹුටාන ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් ඊයේ (26දා) අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරු 51 හැවිරිදි වියෙහි පසුවන බවත් ඔහු හිඹුටාන ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් පොලිසිය සඳහන් කරයි.මෙම සැකකරු සන්තකයේ ඊට යොදන උණ්ඩ හතක්ද සොයාගෙන ඇත.