අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල හෙට (28 වැනිදා) නිකුත් කරන්නට කටයුතු
යොදා තිබෙන බව
විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග හෙළි කරයි.
ඒ අනුව හෙට අන්තර්ජාලය ඔස්සේ විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් මෙම ප්‍රතිඵල විමසා බැලිය හැකි වනු ඇත.
මෙම විභාගය සඳහා පාසල් හා පෞද්ගලික අයදුම්කරුවෝ හත් ලක්‌ෂයකට ආසන්න පිරිසක්‌ පෙනී සිටියහ.