ඉදිරියේදී අධික සීනි, මේදය, ලුණු අඩංගු වන ආහාරවලට බදු පනවා පාරිභෝගිකයින් මෙල්ල කිරීමේ
සැලැස්මක්
තිබෙන බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න සඳහන් කරයි.
අධික සීනි නි්සා දියවැඩියාව ඇතුලු රෝග ලක්ෂණ මතුවීම පාලනයට කෙතරම් දැනුවත් කිරීම් සිදු කළත් අසාර්ථක බව දන්වා සිටින ඔහු මිල ඉහළ දැමීමෙන් ඉල්ලුම අඩු තත්වයට ගෙන ඒමට කටයුතු කර ජනතාව සීනි වලින් ආරක්ෂා කරන බව දන්වා සිටී.
මීට අමතරව වෙළෙඳපොළේ අලෙවිය පිණිස ඇති රසකැවිලිවල හා බිස්කට් වර්ග වල අඩංගුවන සීනි ප්‍රමාණය අඩු කිරීමට අදාළ නීති සකස්කිරීමට කඩිනමින් පියවර ගන්නා බවද ඔහු පවසා තිබේ.
 සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.