කොළඹ නාලන්දා විද්‍යාලයාධිපති රංජිත් ජයසුන්දර මහතා විදුහල්පති ධුරයෙන් ඉවත් කර තිබේ.
පසුගිය කාලයේ සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනාද එල්ලවී තිබුණ අතර

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශ මත මේ වනවිට ඔහුව බස්නාහිර පළාත්
අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර ඇත
  ඊයේ (21) වන විට විදුහල්පතිවරයා පාසලෙන් ඉවත්වීමෙන් පසු වෙනත් විදුහල්පතිවරයෙකු පත් කිරීමට නියමිතය.
කොළඹ ජනප්‍රිය පාසල්වලට සිසුන් අයථා මාර්ගයෙන් ඇතුලු කිරීමට බාහිර හා අභ්‍යන්තර බලවේග ක්‍රියාත්මක වන යාන්ත්‍රණය තවමත් වෙනස්වී නොමැති පසුබිමක දිගින්දිගටම විදුහල්පතිවරුන් ගොදුරු බවට පත්ව පාසල් හැරයාමට සිදුවීම මේ වනවිට වසංගතයක් බවට පත්ව තිබේ.