නවලෝක සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂකයෙකු හා හිටපු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්  සභාපතිවරයෙකු වූ උපාලි ධර්මදාස මහතා එක්සත් අරාබී එමීර් රාජ්‍ය පොලිසිය මගින් ඊයේ රාත‍්‍රී ඩුබායි හිදී අත්අඩංගුවට
ගෙන තිබෙන බව විදෙස් වාර්තා සඳහන් කර තිබේ.

ජර්මනියේ සිට ශ‍්‍රී ලංකාව වෙත පැමිණෙමින් සිටියදී ඩුබායි නැවතුමේදී ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. ඔහු සිය සහෝදරයා වන ජයන්ත ධර්මදාසට අයත් ඩුබායි ව්‍යාපාරයක් තමන්ගේ බව
පවසමින් කූඨ ලේඛන ඉදිරිපත් කර තිබීමේ සිද්ධියක් නිසා වරෙන්තු ලබා සිට ඇත.
එරට දේපළ තහවුරු කිරීමක් සඳහා ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කිරීම දඩුවම් ලබන වරදක් වන අතර එම කාරණාව පදනම් කර ඔහු ඩුබායි හරහා ගමන් කරන වේලාවක් බලා අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
මේ වනවිට ඔහු ගුවන් තොටුපොළ පොලිස් බාරයේ පසුවන අතර සිද්ධිය සම්බන්ධ ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මකය.