සෞදි අරාබියේ ඇමති තනතුරක් දරන එරට රාජකීය  පවුලට අයත් Turki bin Saud al-Kabir කුමරු  රියාද් නුවරදී අද ඝාතනය පත් කළ බව එරට වාර්තා සඳහන් කරයි.

මින් වසර තුනකට පෙර ගැටුමකදී ඔහු පුද්ගලයෙකුට වෙඩි තබා මරා දමා

තිබීම නිසා ඒ සම්බන්ධ නඩු විභාගයෙන් අනතුරුව මෙම මරණ දඩුවම නියම කර තිබුණි.
සවුදි කුමරා මේ වසරේ මරණයට පත් කළ  134 වන තැනැත්තා බව එරට වාර්තා සඳහන් කෙරේ.
කෙසේ වෙතත් රාජකීය පවුලේ සාමාජිකයන් මරණයට පත් කිරීම එරටදී සිදුවන්නේ කලාතුරකිනි. මින් ඉහත 1975 වසරේදී මෙවැනි විරල අවස්ථාවක් උදවී තිබුණි.
කුමරා අතින් ඝාතනය ලක්වූ තැනැත්තා වෙනුවෙන් එම පවුලේ අය "ලේ මුදල් ' වන්දි ප්‍රතික්ෂේප කර තිබී ඇති අතර ඒ වෙනුවට මරාදමන්නැයි ඉල්ලා තිබීම මත මෙම දඩුවම ක්‍රියාත්මකව තිබේ.
මරණ දඩුවම සිදුවුණ ස්ථානය ගැන විස්තර කිසිවක් ප්‍රසිද්ධ කර නැත.