ශ්‍රී ලංකන් ගුවන් සමාගම වහාම ක්‍රියාත්මක වන පරිදි Samsung Note7 ජංගම දුරකථන


ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ගුවන් යානාවන් හි රැගෙන යාම සම්පූර්ණයෙන් තහනම් කර තිබෙයි.
මෙම තහනම පනවා ඇත්තේ මෙම උපාංග විදුලි බලය හා සම්බන්ධ වීමේ දී ලොව පුරා වාර්තා වූ පිපිරීම් සිද්ධීන් නිසාය.
ගුවන් මගීන්ගේ ආරක්ෂාව ගුවන් සමාගමේ ප්‍රධානම ප්‍රමුඛතාවය වන හෙයින් ගුවන් මගීන්ට මෙම උපාංග ගුවනේ රැගෙන යාම සහ භාවිත කිරීම සම්පූර්ණයෙන්ම නවතා දමන ලෙස උපදෙස් ලබාදී ඇති අතර මේ සඳහා ගුවන් මැදිරි කාර්ය මණ්ඩලයේ සහාය ද ගුවන් මගීන්ට ලබාදී තිබෙයි.
ගුවන් සමාගම විසින් මෙම සම්පූර්ණ තහනම පැනවීමත් සමග පිරික්සුම් කවුන්ටරවල පොස්ටර් ඇතුළු ගුවන් ගත වීමට පෙර ලබාදෙන නිවේදන හරහා ගුවන් මගීන්ව මේ පිළිබද දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවත් සඳහන් වේ.