දක්ෂිණ අධිවේගයේ පමණක් නොව අනෙක් අධිවේග මාර්ග වලටද මෙම ක්‍රියාමාර්ගය වැදගත් විය හැකි බව පොලිසිය පෙන්වා දෙයි.


පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්  දක්ෂිණ අධිවේගී මාර්ගයේ දහවල් කාලයටත් ඉදිරිපස ලාම්පු දල්වා  රිය ධාවනය කරන්නැයි  අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ එස්.ඕපනායක මහතා  රියදුරන්ට දන්වා ඇත. වැසි පතිත වීමත්  සමඟ  මාර්ගය අඳුරු ස්වභාවයක් ගන්නා බැවින් මෙම කටයුත්ත ආරක්සාවට වැදගත් විය හැකි බව ඔහු පෙන්වා දෙයි.