අදට (21දා) යෙදී තිබෙන ජාතික රුක් රෝපණ දිනය නිමිත්තෙන් ගිනිසීරියා පැළ (ග්ලීරිසිඩියා) බිලියනයක්
(කෝටි 100ක්) සිටුවීමේ


ජාතික වැඩසටහන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලයේදී පැවැත්වෙයි. 'වස විස නැති රටක්' ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන සඳහා නයිට්‍රජනීය කොළ පොහොරක් ලෙස ගිනිසීරියා ශාකය බහුලව භාවිත කිරීමේ අරමුණෙන් මේ වැඩසටහන ක්‍රියාවට නැඟේ.ෙ
රුක් රෝපණ දිනයට සමගාමීව එක් ගමක ගිනිසීරියා පැළ ලක්ෂයක් බැගින් ගම් 10,000ක පැළ බිලියනයක් සිටුවීම වැඩසටහනේ අපේක්ෂාවයි.