ඇල්පිටිය, දිවිතුර ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ සිටින සාමණේර භික්ෂුන් වහන්සේ හතර නමක් හා බාල වයස්කාර පිරිමි ළමයකු බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන එම විහාරස්ථානයේ ලොකු හාමුදුරුවන් මුදල් රුපියල් දස දහසක් (10,000) සහ එක් නඩුවකට රුපියල් ලක්ෂ දෙක (2,00,000) බැගින් වූ
ශරීර ඇප 5ක් මත මුදා හැරීමට ඇල්පිටිය

මහෙස්ත්‍රාත් අසංක බෝදරගම මහතා පෙරේදා (18දා) නියෝග කළේය.

සෑම ඉරිදා දිනකම පෙ.ව. 9.00 _ 12.00ත් අතර ඇල්පිටිය පොලිසියේ අස්සන් තබන ලෙසද සැකකරුට මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.
මෙසේ ඇප මත මුදා හරින ලද්දේ ඇල්පිටිය, දිවිතුර, ඇඹිලකන්ද විවේක සේනාසනය නම් වූ ආරණ්‍යයේ ලොකු හාමුදුරුවන්ය.
මෙම විහාරස්ථානයේ වැඩ වාසය කරන එක් සාමණේරයන් වහන්සේ නමකගේ පියා විසින් ඇල්පිටිය පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකාර හාමුදුරුවන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී සියලු තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වී තිබේ.

බළපිටිය _දම්සරි ලියනගේ