ජනපතිගේ කතාව නිසා

ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ
අල්ලස් කොමිසමෙන් ඉල්ලා අස්වෙයි

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සිය තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී තිබේ.
හිටපු ආරක්ෂක ලේකම්වරයා, හිටපු ත්‍රිවිධ හමුදාපතිවරුන්
පරීක්ෂණවලට අදාළව තමන්ට


නොදන්වා අධිකරණයට  ගෙනයාම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පසුගියදා සිදුකළ ප්‍රකාශය මත මෙම තීරණය ගන්නට ඇති බව විශ්වාස කෙරේ.
එම ප්‍රකාශය ජනපතිවරයා සිදුකරන අවස්ථාවේ ඇය සිටියේ මලයාසියාවේය. ඇය නැවත දිවයිනට පැමිණ මෙම තීරණය ගෙන ඇත.
මේ වනවිට මෙම ප්‍රකාශය පදනම්ව අල්ලස් කොමිසම මෙන්ම සීඅයිඩී හා එෆ්සීඅයිඩී ත්‍රිත්වයේම නිලධාරීන් ඉදිරි වැඩ කරන්නට අකමැත්තෙන් පසුබැස තිබෙන අතර එම අනෙක් ප්‍රධානීන්ද කලකිරී ඇති බවට ආරංචි පැතිරේ.
 ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ අස්වීම ජනපතිවරයා භාරගත්තේද නැත්ද යන්න තවම වාර්තා නොවේ.