මේ දිනවල අන්තර්ජාලයේ ෆේස්බුක් ඔස්සේ පැතිරී තිබෙන වීඩියෝවකින් ඇමති සජිත් ප්‍රේමදාස තමන්ට වැඩ කළ හම්බන්තොට අයට උදව් වශයෙන් රැකියා දෙන්නට යොමුකරන අවස්ථාවක් පෙන්නුම් කරයි.

එහිදී උස අයට සිකියුරිටි හා කොට අයට කම්කරු ලෙස ඔහු රැකියා ලබාදීම සඳහා තීරණ ගැනීම මෙම වීඩියෝවට ලැබුණ විවේචන අතර මුල් තැනක් ගෙන තිබේ.

තමන්ට එල්ල වන චෝදනා සඳහා අමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමෙන් ප්‍රතිචාර
දක්වමින් පවසන්නේ සිය චරිතය හා නම ඝාතනය කිරීමට උත්සාහ කරන පුද්ගලයින්ට සිය හද පතුලෙම්ම ආදරය කරන බවත් දිගින් දිගටම තමන්ට නින්දා කරන ලෙසත්ය.
තමන්ට පෞද්ගලික අංශය මගින් ලැබුණ රැකියා වෙනුවෙන් රැකියා විරහිතවූවන් යෙදීවීමට කටයුතු කළ බවත් හම්බන්තොට ප්‍රදේශයේ විශාල රැකියා වියුක්තියක් පවතින බවත් ඔහු පෙන්වාදී ඇත.


සජිත්ගේ ප්‍රතිචාරය හා ආන්දෝලනයට ලක්වූ වීඩියෝව පහතින්