බොරලැස්ගමුවේදී සර් කෙනෙක්ගේ වාහනයට යටවී
අකාලයේ සමුගත් රාජකීය ක්‍රිකට් ක්‍රීඩක ‘ටොයියා‘

අද උදෑසන බොරලැස්ගමුව රත්තනපිටිය ප්‍රදේශයේදී මෝටර් සයිකලයක් ජීප් රථයක ගැටීමෙන් පසු එම මෝටර් සයිකලයේ ගිය අය රථයටම යටවී ජීවිතක්ෂයට පත්වුණා.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකු වන වයස 22 ක් වන පූර්ණ ප්‍රභාෂ්වර අලුත්ගේ නමැති ක්‍රිකට් ක්‍රීඩකයෙකි.
මිතුරන් අතර ‘ටොයියා‘ යන ආදර නාමයෙන් ප්‍රකටව සිටි ඔහු
රාජකීය ක්‍රිකට් පිලේ සිටි තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ සම්මාන පවා ලැබගත් ක්‍රීඩකයෙකි.
අද උදෑසන රත්තනපිටිය ප්‍රදේශයේදී ඔහු පැදවූ මෝටර් සයිකලය හැපුනේ කොළඹ තවත් ප්‍රසිද්ධ පාසලක ගුරුවරයෙකු පදවමින් සිටි රථයකටය.


අනතුරට ඔහුගේ සිරුර රථයට යටවූ නිසා ඔහු බරපතල තුවාල සහිතව මියගියා.
පාසල් ක්‍රිකට් දක්ෂතා නිසා රාජකීය විද්‍යාලයේ බොහෝ දෙනෙකු දැන සිටි පූර්ණ
පාසල් පිටියෙන් පසු බී.ආර්. සී. ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කිරීම අරඹා සිටි ක්‍රීඩකයෙකි.
අඩු වයසින්ම ඔහු මේ ආකාරයට අනතුරකින් මියයාම බොහෝ දෙනෙකුට සිත් කම්පා කරවූ සිද්ධියකි.
මේ වනවිට පාසල් ගුරුවරයෙකු  වන රථයේ  රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය‍


(pix courtesy by-lankadeepa.lk)
(pix courtesy by-lankadeepa.lk)