ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් සංචිතයේ වසර ගණනාවක් තිස්සේ සිටියත් තමා සමග සිටි අනෙක් අයට තරග සිය ගණන් ලැබෙද්දී
එක්දින තරග 9 ක් පමණක් ලැබී තිබීම අසාධාරණයක් බව පෙන්වා දුන් දිල්හාර ලොකුහෙට්ටිගේ අද ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් සමුගත්තා. ඔහුට ඕස්ට්‍රේලියාවට ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් ලැබී ඇති බවත් ඉදිරි වසර 3 ක කාලය තුළත් ඇන්ජලො මැතිව්ස්ගේ නායකත්වය පැවතිය හැකි නිසා තමන් තවදුරටත් කොන්විය හැකි බව කල්පණා කර මේ තීරණය ගත් බව ඔහු කියා තිබේ.

සිය සමුගැනීමේ නිවේදනය සමග නායකත්වයට දෙහි කැපීමේ මාධ්‍ය හමුවක්ද පැවැත්වූ දිල්හාර කියා සිටියේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන තමාට අවස්ථාවක් ලබාදීමට
තේරීම් කමිටුව අවස්ථා ගණනාවකදීම මගහැරියේ තේරීම් තීරණ සම්බන්ධයෙන් මැතිව්ස්ගේ බලපෑම හැමවිටම පැවති නිසා බවයි.
ඔහුගේ දක්ෂතා සටහන පහතින්