පියාගේ බියකරු ඡායාරූපය
ෆේස් බුක් ඔස්සේ ප‍්‍රසිද්ධ කරමින්

හිරුණිකා නැවත සාධාරණය ඉල්ලයි

පසුගිය සතියේ වඩාත් ආන්දෝලනයට තුඩුදුන් නඩු තීන්දුවක් බවට පත්වූයේ භාරත ඝාතනය සම්බන්ධයෙන් දුමින්ද සිල්වා ඇතුළු පස් දෙනෙකුට මරණ දඬුවම ලබාදීමට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ගත් තීරණයයි.
එම තීන්දුවෙන් පසුව පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් භාරතගේ දියණිය හිරුණිකා නැවතත් සටන් මගට
එළැඹි අයුරක් ඊයේ ඇගේ ෆේස් බුක් පිටුව තුළින් කරුණු පැහැදිලිවී තිබෙනවා.
ඇය මින් පෙර ප‍්‍රසිද්ධ නොකළ භාරත ඝාතනය කළ පසු ලබාගත් ඔහුගේ හිසේ දකුණු පස උණ්ඩයකින් පසාරුවී හිල්වී තිබෙන බියකරු ඡායාරූපයක් උදාහරණයට පෙන්වමින් කියා සිටින්නේ ඝාතන සිද්ධියේ අනුකම්පාවේ වාසිය හා වෙඩි තැබීම කරන්නට පෙර තුවාල වූ බවට සාක්ෂි ලබාගන්නට ඒ ආකාරයට හිස හිල්වූ බව දුමින්ද සිල්වා ප‍්‍රකට කළේ බොරු මවාපෑමක් බවත් ඒ වෙනුවෙන් ව්‍යාජ වෛද්‍ය වාර්තා සකස් කළ අයටද දඬුවම් හිමිවිය යුතු බවත්ය.


භාරත ඝාතන සිද්ධියෙන් පසුව දුමින්ද සිල්වා ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කළ අතර එම අවස්ථාවේ දුමින්දගේ හිස පසාරුවන ලෙස උණ්ඩ ඇතුළුවී ඇති බවත් තත්වය බරපතල බවත් දක්වා ඔහුව සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේ වැඩිදුර ප‍්‍රතිකාර සඳහා නිර්දේශ කරන ලද්දේ විශේෂඥ වෛද්‍ය මහේෂිනී විජේරත්නයි.
පහත පළවන්නේ හිරුණිකාගේ දෙවන අභියෝගයයි. (ඡායාරූපයේ වෙඩි වැදුණ තැන කොටුවකින් වසන්නට සිදුවිය)