http://www.gossiplankanews.com/2016/08/vijaya-nandasiri-most-happiest-day-of-life.html

විජය නන්දසිරි වැඩියෙන්ම සතුටුවුණ දවස 
දූගේ විවාහ උත්සවයට සිංදු කියා නැටූ හැටි

අභාවප‍්‍රාප්ත ප‍්‍රවීණ කලාකරු විජය නන්දසිරි මහතාට සිටින්නේ දරුවන් දෙදෙනෙකි.
ඒ පුතෙකු හා දුවකි. පුතු රසාංජන ඇමරිකාවට ගොස් පයිලට් කෙනෙකු වන්නට ඉගෙන ගත්තේය. දියණිය නවාංජනා ආසා කළේ පෙර පාසල් ගුරුවරියක වන්නටය. පුතා මෙන්ම දුව
ගායනයටද දක්ෂයන්ය. පවුලේ හතර දෙනාම ඇතැම් උත්සව වල ගීත ගායනයටද එක්ව තිබේ.
විජය තම දරු දෙදෙනාටම එකසේ ආදරය කළා. ඔහුගේ දියණිය පතිකුලයට එළැඹි දිනය ඔහුගේ ජීවිතයේ වඩාත් සතුටුවූ දවස බවට පත්ව තිබුණා.

ඇය විවාහ වූයේ චමින්ද ගුණරත්න නමැත්තෙකු සමගය. චමින්ද  ඕස්ටේ‍්‍රලියාවේ බි‍්‍රස්බෙන්හි ව්‍යාපාරයන්හි නියැළෙන අයෙකි. මේ නිසා විජයගේ දියණියට විවාහයෙන් අනතුරුව  ඕස්ටේ‍්‍රලියාවට යන්නට සිදුවුණා.
විවාහයෙන් පසු තමන් අතහැර යන දියණියගේ ගමන සිතට වේදනාවක් වුවත් එම ගමන නවතන්නට විජයට අවශ්‍ය වූයේ නෑ.
එහෙත් ඔහුට සමුගන්නට පෙර දුවගේ මංගල්‍යය මහ ඉහළින් සමරන්නට උවමනා වුණා. ඒ සඳහා එවක ජනපතිවරයාටත් විජය ඇරයුම් කළා.

2012 වසරේ අග හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ අත්සනින් විවාහ ගිවිසගැනීම සිදු කර තිබුනේ අරලිය ගහ මන්දිරයේදීය. පසුව 2013 ජනවාරි මාසයේ කොළඹ හිල්ටන් හෝටලයේදී මංගල උත්සවය මහ ඉහළින් පැවැත්වුවා.ඒ සඳහා කලා ලෝකයේ බොහෝ පිරිස්වලටද ඇරයුම් ලැබුණා.

විවාහ උත්සවය දවසේ විජය ගීත ගායනය කරන්නට මෙන්ම දේවිකාව බදාගෙන නර්තනයේ යෙදෙන්නටද උත්සාහ කළා. ඒ සතුට වැඩිකමටය.
නාට්‍ය චිත‍්‍රපට ආදියේදී මෙන්ම සාමාන්‍ය ජීවිතයේදීත් සැහැල්ලූ රසවත් කථා කීමෙහි සමතෙකුවූ විජය දියණියගේ විවාහ මංගල දවස වඩාත් සතුටින්ම සිටි දවස බව අදටත් කලාකරුවන් පවසනවා.
ඔහු චිත‍්‍රපට වලින් විශාල ආදායම් ලැබූවත් වේදිකා නාට්‍ය වලට සහභාගීවූයේ බොහෝ විට ආත්ම තෘප්තියටය. කෙසේ වෙතත් ඔහු වඩාත් වෙහෙසකර වූයේ වේදිකා නාට්‍ය රංගනයයි. සෑම සතිඅන්තයකම ඔහු වේදිකා නාට්‍යවලට ඉඩ තබාගෙන සිටි නමුත්  ඕස්ටේ‍්‍රලියාවේ සිටින දුව සමග අන්තර්ජාලයෙන් කතාකරන්නට වේලාවක් කෙසේ හෝ සතිඅගදී දමාගෙන සිටියේය.




Pix By -Upul Nishantha