පොඩි හාමුදුරුවන්ට රඟපා
රටේ ආදරය දිනාගත්

එක වසරේ කවීෂ්



මේ දිනවල දෙරණ නාලිකාවේ විකාශය වන මලී 3 ‘සිඳු’ ටෙලි නාට්‍යය බොහෝ අය අතර කථාබහට ලක්ව තිබෙන්නේ පළමු වසරේ දරුවෙකු පොඩි හාමුදුරු නමකට අන්දවා සිදු කෙරෙන රඟපෑම
ගැනයි.
මින් ඉහත සෝමරත්න දිසානායකගේ චිත‍්‍රපට වලද පොඩි හාමුදුරුවරු යොදා කෙරෙන දඟ වැඩ ආකර්ෂණීය කථා සංකල්ප බවට පත්වූ ආකාරයට මෙම ටෙලි නාට්‍යයද බොහෝ අය ආසාවෙන් රසවිඳිනු දක්නට ලැබේ.
දෙරණ නාලිකාවේ මලී  නමැති කථා මාලාවේ තෙවැනි මාලාව ලෙස වෙනස්ම තේමාවකින් මෙම නිර්මාණ කාර්යය සිදු කර ඇත්තේ අධ්‍යක්ෂ තිළිණ බොරලැස්සයි. මෙම පොඩි හාමුදුරුවන්ගේ චරිතයට අවශ්‍ය කෙනෙකු සොයා ගැනීමට ඔඩිෂන් ගණනාවක් තබූ නමුත් චරිතයට ගැළපෙන කෙනා ලැබුණේ නැති බවත් පවසා තිබෙන ඔහු ඒ කාලයේ දෙරණ එෆ්.එම්. ගුවන්විදුලියේ හඬකැවීම් සඳහා සහභාගී වන කවීෂ් කියන දරුවව දාලා කරලා බලමු කියන යෝජනාව දෙරණ සභාපති ලක්සිරි විසින් සිදු කරනු ලැබූ බවත් ඒ අනුව ඔහුව මෙම චරිතයට යොදාගත් බවත් පවසා ඇත.

පනාගොඩ ශ‍්‍රී පරාක‍්‍රම මහා විද්‍යාලයේ 1 වසරේ දරුවෙකු වන කවීෂ් විහඟ මෙවර සතිඅන්ත පුවත්පතකට මෙම චරිතය ගැන අදහස් පළ කර තිබෙනවා.

කොහොමද කවීෂ්?


හොඳින් ඉන්නවා.

කවීෂ් මොන පාසලේද ඉගෙන ගන්නේ?

පනාගොඩ ශ‍්‍රී පරාක‍්‍රම මහා විද්‍යාලයේ.

කීවැනි වසරෙද ඉගෙන ගන්නේ?


එක වසරේ.

පවුලේ කවුද ඉන්නේ?

අම්මයි, තාත්තයි, මල්ලියි.

මේ දවස්වල කවීෂ් සෝරත හාමුදුරුවෝ විදියට ජනප‍්‍රියයිනේ. කොහොමද ඒ අවස්ථාව ලැබුණේ?

මම පුංචි තරුත් එක්ක ආයුබෝවන් දෙරණ වැඩසටහනේ නාට්‍ය ඉදිරිපත් කරනවා. ඒක දැකලා නාට්‍යයට කතා කළා.

මුලින්ම කැමරාව ඉස්සරහට ගියාම බයක් දැනුණද?

මුල්ම දවසේ ටිකක් බය හිතුණා. ඊට පස්සේ නම් බයක් දැනුණේ නෑ. ඒ මාමලා කියන විදියට රඟපෑවා.

රඟපාන්න ලේසියිද?
ලේසියි. හැබැයි සිවුර දාගෙන ඉන්න අමාරුයි. සිවුර හැලෙනවා.

ටෙලි නාට්‍යයේ කවීෂ් එක්ක කවුද වැඩිපුරම යාළු?

හීන්බබා සීයා එක්ක යාළුයි.

එතකොට සරණ එක්ක යාළු නැද්ද?

සරණ එක්කත් යාළුයි. එයාව මට හම්බුණේ නාට්‍යයේදිනේ.

ලොකු හාමුදුරුවන්ට බයද?

නෑ. බයක් නෑ. ලොකු හාමුදුරුවොත් යාළුයි මාත් එක්ක.

කවීෂ්ගේ රංගනය ගැන යාළුවෝ මොකද කියන්නේ?

එයාලා මම රඟපානවා හොඳයි කියනවා.

රංගනය නිසා පාසලේ වැඩ මඟහැරෙන්නේ නැද්ද?

නෑ. මේ දවස්වල ඉස්කෝලේ නිවාඩුයිනේ. ඊට පස්සෙත් ඉස්කෝලේ වැඩ මඟහරින්නැතිව රඟපානවා.

දිගටම රඟපාන්න ආසද?

ඔව්. මම දිගටම රඟපාන්න ආසයි.


සාකච්ඡාව - තිළිණි කෞෂල්‍යා විජේසිංහ (මව්බිම)