පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ හෝමාගම, ආසන සංවිධායක ධූරයෙන්  ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ප‍්‍රකාශ කර තිබේ.
අද(21) හෝමාගම ප‍්‍රදේශයේ පැවති උත්සවයකට
එක්වෙමින් ඒ මහතා මේ බව ප‍්‍රකාශ කර ඇත.
ඊට අදාළ ලිපිය හෙට(22) දිනයේ
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට භාර දීමට නියමිත බවද වාර්තා වෙයි.
මින් ඉහත ඩලස් අලහප්පෙරුම මන්ත‍්‍රීවරයාද මාතරින් ඉවත්වන බවට ප‍්‍රකාශ කළේය.
පසුගියදා ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් ශ‍්‍රීලනිප සංවිධායක ධූරවලින් ඉවත් කිරීමට එහි සභාපති මෛත‍්‍රිපාල සිරිසේන කටයුතු කළ පසුව ඒකාබද්ධ විපක්ෂයේ සෙසු අයද ස්ව කැමැත්තෙන් ඉල්ලා අස්වීමේ මෛ ප‍්‍රවණතාවය ඇරඹිණි.
ශ‍්‍රීලනිප සම්මේලනයෙන් පසු සිදුවන වෙනස්කම් වලදී වැඩිදෙනෙකු ඉවත්කරන්නට නියමිත බවද වාර්තාවී තිබිණි.