බීබීසී සන්දේශයේ එල්මෝ සමුගනී

බී.බී.සී සංදේශයේ කොළඹ වාර්තාකරු ලෙස සේවය කළ ප‍්‍රවීණ මාධ්‍යවේදී එල්මෝ ප‍්‍රනාන්දු මහතා අභාවප‍්‍රාප්ත විය. මිය යනවිට 75 වන වියෙහි පසුවූ
ඔහු කලක් රෝගාතුරුව සිටි අතර බීබීසියෙන් ඉවත්ව සිටියේය.

ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වාර්තාකරුවෙකු ලෙස සේවය අරඹා පසුව වැඩසටහන් නිෂ්පාදකයෙකු,ගුවන්විදුලි නිවේදකයෙකු ලෙස කටයුතු කළ ඔහු වෙරිටාස් ගුවන්විදුලියටද,පසුව බී.බී.සී ලෝක සේවයටද එක්වූයේ 1989 භීෂණ සමයේ ලංකාවේ ප‍්‍රවෘත්ති දැනගැනීමට ලංකාවේ අය විදේශ නාලිකා වෙත විශ්වාසය තැබූ යුගයකය. මේ නිසා සන්දේශයද එකල අතිශය ජනප‍්‍රිය විය.
එල්මෝ ප‍්‍රනාන්දුගේ දේහය බත්තරමුල්ල,පැලවත්ත පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද 11 පස්වරුවේ පැලවත්ත පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.