රියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උලෙළේදී ලංකාවේ ජයග‍්‍රහණයක් ගැන බලාපොරොත්තු තිබුණ බැඞ්මින්ටන් ක‍්‍රීඩක නිලූක කරුණාරත්නට පළමු තරගයෙන් පරාජය වන්නට ඊයේ සිදුවුණා.
බැඞ්මින්ටන් පිරිමි ඉසව්වේ ‘පී‘ කාණ්ඩයෙන් තරග කළ නිලූක
කරුණාරත්න චීන ක‍්‍රීඩක චෙන් ලොන්ග් හමුවේ තරග වට 2 -0කින් පරාජය වීමට සිදුවිය.

ලෝක බැඞ්මින්ටන් ශේණිගත කිරීම්හි නිලූක 123 වැනි ස්ථානයේ පසුවන අතර ඔහුගේ ප‍්‍රතිවාදියා වූ ලොන්ග් එම ලැයිස්තුවේ 2 වැනියාය.
පළමු වටය 21-07 හා දෙවැනි වටය 21-10ක් ලෙස නිලූක පරාජය විය. චෙන් ලොන් ඉකුත් 2012 ලන්ඩන් ඔලිම්පික් උලෙළේදි පිරිමි කේවල ලෝකඩ පදක්කමක්ද දිනාගත් අයෙකි.

කෙසේ වෙතත් නිලූක තරගාවලියෙන් ඉවත් නොවන අතර, ඔහු අනිද්දා (13දා) ග්වාතමාලාවේ කෙවින් කෝඩන් සමගින්ද, 15 වැනිදා පෝලන්තයේ ඒඩ‍්‍රියන් ඩිසිකෝ සමඟද තරග වැදීමට නියමිතව ඇත. එම තරග දෙකෙහි දක්වන දක්ෂතා අනුව දෙවැනි වටය (අවසන් 16 දෙනාගේ වටය) සඳහා සුදුසුකම් ලැබීමට අවස්ථාව ලැබේ.