පොලිස්පතිතුමා නැමුවයි කියාගෙන ගිය නාමල්
එෆ්සීඅයිඩිය ඇතුලේදී අත්අඩංගුවට
 

රුපියල් මිලියන 125ක කොටස් මිලදී ගැනීමක් සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීමට යයි දන්වා තිබුණ නිසා  පාර්ලිමේන්තු මන්ත‍්‍රි නාමල් රාජපක්ෂ අද දහවල් 11 ට පමණ පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණියා.
ඔහු එසේ එන විට මාධ්‍ය කැමරා සමීප වෙද්දී කියා සිටියේ
‘පොලිස්පතිතුමා නීතිය පොඞ්ඩක් නමලා තියෙන්නේ..

මං ඇතුළට ගිහින් බලන් එන්නම් කොච්චර දුරට නමලද කියලා..හරිද..’ යනුවෙනි. එසේ කියා ගෙන සිනාසෙමින් ඔහු ඇතුළු වුණා.
එහිදි රුපියල් මිලියන 125ක කොටස් මිලදී ගැනීමක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප‍්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට පත්වූ බව වාර්තා වුණා.
අද දිනයේම ඔහුව උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
නාමල්ගේ නැමූ කතාවේ වීඩියෝව පහතින්