මහින්ද අගමැති කරපු ඡායා කැබිනට්ටුව
ප‍්‍රගතිශීලී වැඩක්ද? මුග්ධ වැඩක්ද?


අද සවස ඒකාබද්ධ විපක්ෂය මගින් ‘ඡායා කැබිනට්ටුවක්’ යයි නම් කර අගමැති ධූරය මහින්දට හිමිවන ලෙස හා විවිධ ඇමතිධූර එම කණ්ඩායමේ විවිධ අය අතර බෙදී යන ලෙස 50 දෙනෙකුගේ ලැයිස්තුවක් මාධ්‍ය වෙත ප‍්‍රසිද්ධ කර තිබේ.
එහිදී මහින්දට අගමැති ධූරයට අමතරව
සම්බුද්ධ ශාසන,ආගමික කටයුතු හා
ආරක්ෂක ඇමති කමද පිරිනමා ඇත. නාමල් රාජපක්ෂ විදේශ කටයුතු ඇමති වරයා වන අතර චමල් රාජපක්ෂ ප‍්‍රවාහන හා ගුවන් සේවා විෂය භාරගෙන තිබේ. මුදල් ඇමති බන්දුල ගුණවර්ධනයි. පාරිසරික ඇමතිනිය ගීතා කුමාරසිංහයි.
මේ ආකාරයට කිසිදු හේතුවක් නැතිව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ඇමතිවරුන් ලෙස නම් කිරීම ඒකාබද්ධ විපක්ෂයේ අයගේ මානසික කඩාවැටීමකට පිළියමක් සැපයීමේ මුග්ධ වැඩක් යයි එජාපයට හිතවත් සමාජ ජාලා පිටු මගින් විවේචනය කර තිබේ.

කෙසේ වෙතත් මෙම ක‍්‍රියාව මගින් අපේක්ෂා කරන්නේ ප‍්‍රගතීශීලී ලෙස ඒඒ විෂයන් සම්බන්ධව ගැටලූ විමසීමට එක්එක් නියෝජිතයන් පත්කිරීමක් පමණක් යයි ඒකාබද්ධ විපක්ෂයෙන් දන්වා ඇත.
එම ලැයිස්තුව පහත පරිදිය.