පසුගියදා යුද හමුදා කඳවුරේ ඇතිවී පිපිරීමක් නිසා කොස්ගම, සාලාව අවට නිවාස හා ව්‍යාපාරික ස්ථාන විශාල ප‍්‍රමාණයක් විනාශවූ අතර ඒවා පිළිසකර කර ඇති බව රජය පැවසුවත් සාලාව නගරයේ බොහෝ ස්ථාන තවමත්
ඒ ලෙසම පවතින බව කියමින් ප‍්‍රදේශවාසීන් විසින් විරෝධතාවයක් අද අරඹා තිබේ.
මාසිකව විශාල ආදායම් ඉපැයූ ආයතන මුළුමණින්ම වසාදමන්නට
සිදුව ඇති බවත් රජයෙන් 50000 ක දීමනාවක් ලදුවත් එම පාඩු පියවාගන්නට අපහසු බවත් ඇතැම් ව්‍යාපාරිකයින් පවසා ඇත.
ඔවුන් සිදුකෙරෙන විරෝධතාව නිසා කොළඹ-අවිස්සාවේල්ල ප‍්‍රධාන මාර්ගය (හයිලෙවල් පාර) සාලාව යුද හමුදා කඳවුර අසලින් අවහිර වී ඇත.
මෙම හේතුව නිසා මේවන විට දැඩි රථ වාහන තදබදයක්ද ඇතිව තිබේ.