ස්විස් පුරවැසි ප‍්‍රශ්නය නිසා ගීතාගේ මන්ත‍්‍රීකම අහෝසි වන ලකුණු

Ad Code

ස්විස් පුරවැසි ප‍්‍රශ්නය නිසා ගීතාගේ මන්ත‍්‍රීකම අහෝසි වන ලකුණු



පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි ගීතා කුමාරසිංහගේ පුරවැසිභාවය පිළිබඳ පවතින ගැටලූ සහගත තත්වය මත ඇයට සිය මන්ත‍්‍රීධූරය අහිමිවීමේ අවධානමක් මතුව තිබෙන බව වාර්තා වනවා.ඇය දිගු කලකට පෙර විවාහය සමග ස්විට්සර්ලන්ත පුරවැසිභාවය ලබා ඇති අතර
ද්විත්ව පුරවැසියෙකු ලෙස ජීවත්ව ඇත.
ඉන්පසු ඇය සිය ස්විට්සර්ලන්ත පුරවැසිභාවය


අත්හළ බවට කිසිදු ලියකියවිල්ලක් මෙතෙක් ඉදිරිපත් කර නොමැති බැවින් ව්‍යවස්ථාපිත ප‍්‍රතිපාදන අනුව ඇයට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධූරයක් දැරිය නොහැකි බව ඇයගේ මන්ත‍්‍රි ධූරයට එරෙහි රිට් පෙත්සම විභාගයට ගනු ලැබූ අවස්ථාවේදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ජේ.සී.වැලිඅමුණ මහතා ඊයේ අභියාචනාධිකරණය හමුවේ කියා තිබේ.
මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ සහ ප‍්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචානධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැළිණි.
එහිදී හෙළිවූ පරිදි ගීතා මහමැතිවරණයෙන් පසුව පසුගිය අගෝස්තු 25 වන දින සිය ස්විට්සර්ලන්ත පුරවැසිභාවය අත්හැරීම සඳහා ස්විට්සර්ලන්ත බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇති නමුත් මේ දක්වා එම ස්විස් බලධාරීන් ඇය එරට පුරවැසිභාවයෙන් ඉවත් කළ බවට සනාථ කරන කිසිදු ලියවිල්ලක් ලබාදී නැති බවද කියැවිණි.
ඒ අනුව ඇය තවමත් ද්විත්ව පුරවැසියෙකු බවත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 89 සහ 91 වගන්තීන් අනුව ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධූරයක් දැරීමට නොහැකිවීම හා මැතිවරණයකට නාම යෝජනා ඉදිරිපත් කළ නොහැකි බැවින් ඇයගේ මන්ත‍්‍රී ධූරය අහිමි කරන රිට් ආඥාවක් නිකුත් කෙරෙනු ඇතැයි විශ්වාස කෙරේ.
 වැඩිදුර විභාගය ලබන ඔක්තෝබර් 24 වැනි දින පවත්වන්නට නියමිතය.





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Close Menu