අනුරාධපුර පැරණි පුජා නගරයට පිවිසෙන ප‍්‍රධාන මාර්ගයක් ආසන්නයෙන් පිහිටි අතුරු මාර්ගයකින් දහවල් සහ රාත‍්‍රී කාලයේ මීට මාස කිහිපයකට ඉහතදී මියගිය තරුණියකගේ රුවක් හදිසියේ දිස්වී අතරුදන්වීම හේතුවෙන් ප‍්‍රදේශයේ පදිංචිකරුවන් මෙන්ම ප‍්‍රදේශයට පිටස්තරින් පැමිණි පුද්ගලයන් කිහිප දෙනෙකුම බියට හා ත‍්‍රාසයට පත්වීමේ
සංසිද්ධියක් ගැන වාර්තා වෙනවා.
මීට මාස කිහිපයකට ඉහතදී මෙම තරුණිය ඇයගේ උවමනාවමත සිය ජීවිතයෙන් සමුගැනීමට තීරණකර ඇති අතර ඊට සති කිහිපයකට පසුව එම ප‍්‍රදේශයේ පදිංචි මැදිවයසේ අයෙකුට මුලින්ම ඇයගේ රුව හමුවී තිබේ.

සුදු ඇදුමකින් සැරසුනු මෙම තරුණිය පුද්ගලයා සමග මීටර් කිහිපයක් දුර කථාබස් කරමින් ඉදිරියට යද්දී ඔහුට

එක්වරම තරුණිය මියගිය බව සිහියට නැගෙද්දී ඇය කොක් හඩලා සිනාසී අතුරුදන්ව ඇති අතර එම දර්ශනය දුටු තැනත්තා බියවී දහඩිය වගුරවමින් නිවසට ගොස් තිබේ.එම සිද්ධියෙන් අනතුරුව ඔහු දින කිහිපයක්ම රෝගාතූරව සිට ඇති අතර පසුව ඔහුට සෙත් ශාන්තියක් සිදුකිරිමෙන් අනතුරුව සුවවී තිබේ.

මේ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරුමත එම ප‍්‍රදේශයට ගොස් සොයා බැලිමේදී ප‍්‍රදේශයේ පදිංචි කරුවන් මෙන්ම පිටස්තරව පැමිණි කිහිපදෙනෙකුත් ඇයගේ රුව දිස්වීම නිසා බියට පත්වී ඇති අතර ඇය මියගිය තැනත්තියක් බව නොදැන කථාබස් කරමින් පැමිණි කිහිප දෙනෙකු පිළිබදවත් දැන ගන්නට ලැබුණි.

මියගිය තරුණියගේ රුව වැඩිවශයෙන් දිස්වී ඇත්තේ මධ්‍යහන කාලයේවීම විශේෂයක් වන අතර රාත‍්‍රී කාලයෙදි අවස්ථා කිහිපයකදී රුවදිස්වීම නිසා පුද්ගලයන් කිහිප දෙනෙකුම බියටපත්වී  තිබේ. තවත් අවස්ථා කිහිපයකදීම ඇයගේ සම්පූර්ණ රුව අතුරු මාර්ගය ඔස්සේ ගමන් කරන්නන්ට දැකගැණිමට හැකිවී ඇති අතර රාත‍්‍රී කාලයේ පිටස්තරන් පැමිණි අයෙකු සුදු ගවුමකින් සැරසුණු  ශරිර උඩුකයක් පාවී යන අයුරු දැක තිබේ.

මාර්ගයේදී අනපේක්ෂිත ලෙස දිස්වන තරුණ කාන්තා රුව හේතුවෙන් බොහෝ පිරිසක් බියවී තැති ගැන්මට ලක්වී ඇතත් එම සිද්ධිය පිළිබදව එකිනේකා ලැජ්ජාව හේතුවෙන් රහස් රකින බව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක් පැවසුවේය. එමෙන්ම මෙම මාර්ගය ඔස්සේ මධ්‍යාහන කාලයේ ගමන් බිමන් යෑම අඩුකර තිබෙන බවත් තමන්ද එම අමනුෂ්‍ය රුවට බියවූ බව ඔහු පැසුවේය.

අනුරාධපුර - බුද්ධික මහේෂ් විජේසූරිය