අද (22) උදෑසන කොළඹ වරායේ පිවිසුම් දොරටුව අසල දෙපිරිසක් අතර ගුටි බැට හුවමාරුවක් ඇතිවී උණුසුම්කාරී තත්වයක් හටගෙන ඇතැයි වාර්තා වෙනවා.
මෙයට හේතුවී ඇත්තේ වරාය ඇමති අර්ජුනට එරෙහිව ඊයේ සිට වරාය පරිශ‍්‍රයේ උද්ඝෝෂණය කරන වෘත්තීය සමිති පිරිස සහ ඇමති අර්ජුනට පක්ෂ සේවක පිරිස අතර ඇතිවූ
කතාබහකි.
ඊයේ ඇමතිට එරෙහිව පොල් ගසමින් විරා්ධයක නිරතවූ පසුව ඇමති අර්ජුනගේ පිරිස අද ඇමතිවරයාට පක්ෂව වරාය ආසන්නයේ පොස්ටර් අළවමින් සිටියදී මෙම බහින් බස්වීම සිදුව ඇත.
මේ වනවිට පොලීසියේ මැදිහත්වීමෙන් ගැටුම පාලනය කර ඇත.
වරාය සේවක  වෘත්තීය සමිති ඇමතිවරයාගේ අන්තඃපුරයකට ලීබඩු හදන කතාවක් ප‍්‍රසිද්ධ කිරීම නිසා අර්ජුන ඇමතිවරයා ඔවුනට එරෙහිව එන්තරවාසි යවා ඇති බවත් නඩු ගන්නා බවත් පසුගියදා මාධ්‍ය ඉදිරියේ කියා සිටියේය.
නමුත් එම සේවකයින් කියන්නේ එම කියන ආකාරයේ එන්තරවාසි තවම ඔවුනට ලැබී නැති බවත් ඇමතිවරයා මාධ්‍ය ඉදිරියේ සිය නිරුවත වසාගන්නට ව්‍යාජ ලෙස උත්සාහ කරන බවත්ය.