ඊයේ ඉතාලියේ රෝම නගරයේ පුරපතිනිය ලෙස වර්ජිනියා රැගී නමැති 37 හැවිරිදි සුන්දර කාන්තාවක තේරී පත්වුණා.
වසර දෙදහස් පන්සියයක් පුරා පිරිමි පාර්ශ්වය මගින් පාලනය කරන ලද
රෝම නගරය
කාන්තාවක් පුරපතිනිය වූයේ ඉතිහාසගත ලෙස පළමුවරට වීම විශේෂිතය.
ඉතාලියේ අගනුවර ඇය දිනුවේ ඡන්ද තුනෙන් දෙකක් ලබා ගනිමින්ය.
රෝමයේ ඉපදී එහිම අධ්‍යාපනය හදාළ ඇය වෘත්තියෙන් නීතිඥවරියකි. එක්දරු මවකි. ඇයගේ සැමියාද දේශපාලනයට සම්බන්ධය. ඇය දේශපාලනයට පිවිස ඇත්තේ මීට වසර පහකට පෙරය.