තම සැමියාගේ පහර කෑමට ලක්ව දැනට ගම්පහ රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන කෙටි දුර ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ. එම අත්දැකීම විස්තර කරමින් මාධ්‍යයට ප‍්‍රකාශයක් ලබාදී ඇත. ඇය කියා සිටින්නේ තමා ඉදිරියට සැමියාගෙන් දික්කසාදය ඉල්ලා



නඩු දමන බවකි. සිද්ධිය සම්බන්ධයෙන් සුසන්තිකාගේ සැමියා තවමත් පොලිස් අත්අඩංගුවේ පසුවේ.
ඇය එහිදී කියන දේවල් පහතින්

‘මට ලැජ්ජයි දුකයි මේක කියන්න සිද්ධවෙච්ච එක ගැන. මෙච්චර කාලයක් ආරක්ෂා කළා. දිව්වේ මේ ගැන සිතේ තියාගෙන. මගෙනුත් වැරදි සිද්ධ වෙලා තියනවා.

සිද්ධ වෙලා ඇති. ඒ  ඕනම දේකට දඬුවමක් විඳින්න මං ලෑස්තියි.
රටේ සමස්ත කාන්තාවටම ඒක පාඩමක් වෙන්න. මං මේ වෙලාවෙ කියන්නෙ ඇත්තටම ගෑනියෙකුට මේ වගේ ඉරණමක් අත්වෙන්නෙ තමන්ගෙ ස්වාමි පුරුෂයා හරියට තමන්ව රැකබලා ගන්නව නම් ගෑනිට ආදරේ කරනවා නම් ගෑනිට අඩුපාඩු දෙනව නම් මේ අකරතැබ්බයක් වෙන්නෙත් නෑ. ඉතින් මේ සියල්ල එක්ක තමා මේ හැමදේම.

සමස්ත පුරුෂ පාර්ශ්වයටම මේක ආදර්ශයක්. මට මෙතනින් එහා මට මේක ලජ්ජාවක්ද නින්දාවක්ද අපරාධයක්ද දන්නෑ.
මාව අවුරුදු 10 කට හිරේ විලංගුවෙ දැම්මත් කමක් නෑ. ඉදිරියට මං ඒ කරන්න තියන සෑම ක‍්‍රියා මාර්ගයක්ම ගන්නවා. මට මෙයාගෙන් නිදහස් වෙන්න  ඕන.’

(වීඩියෝ අනුග‍්‍රහය - දෙරණ)

සිද්ධිය සම්බන්ධයෙන් පෙර වාර්තාව මෙතැනින්