මහරගම පිළිකා රෝහලට අවශ්‍ය කර තිබුණ පෙට් ස්කෑනර් යන්ත‍්‍රය මහජන අරමුදලින් රැස් කර අවසන් වන අතර එය ලබා ගැනීමට මේ දිනවල කටයුතු සිදු වෙනවා.

කෝටි 20 ක් අවශ්‍ය බව කියමින් රැස්කරන ලද මේ අරමුදලට මේ වනවිට කෝටි 23.3 ක්ම ලැබී තිබෙන අතර ඒ සඳහා වැඩිම පරිත්‍යාග මුදල දරන ලද පුද්ගලයා

ගැන ඊයේ පෙරේදා විවිධ කතා ප‍්‍රචාරය වුණා.
සමාජ මාධ්‍ය අතර මෙම පුද්ගලයා මහේල ජයවර්ධන යයි වරදවා ප‍්‍රචාරය වීමෙන් පසු මහේල ඊයේ සවස ට්විටර් මගින් දන්වා සිටියේ ඒ තමුන් නොවන බවයි. (කෙසේ නමුත් මහේල හෙළි නොකළ කිසියම් පරිත්‍යාගයක් මේ වෙනුවෙන් කර ඇත)

අපට වාර්තා වන ආකාරයට මෙම අරමුදලේ වැඩිම තනි පරිත්‍යාගය ලෙස රුපියල් කෝටි තුනහමාරක මුදල ලබාදී ඇත්තේ තුසිත් මුතුමාල මහතාය. ඔහු සුප‍්‍රකට ව්‍යාපාරික සුනිල් මුතුමාලගේ පුතුය. සුනිල් මුතුමාල යනු ලංකාවට ඇපල් මිදි දොඩම් ආදී පළතුරු වර්ග ආනයනය කිරීමේ ප‍්‍රමුඛ ආයතනය වන සුනිල් ටේ‍්‍රඩර්ස් හිමිකරු වන අතරම හංවැල්ලේ ලෙෂර් වර්ල්ඞ් විනෝද කලාපයේ හිමිකරුය.
මෙම අරමුදල තර කිරීමට තමන් ගත් වෙහෙස පසුපස පිටකොටුවේ වෙළෙඳ ජනතාව මෙන්ම සිය ගනුදෙනු කරුවන්ද සිටින බවත් ජනතාව වෙනුවෙන් මෙවැන්නක් සිදු කර අපමණ සතුටක් ලද බවත් මේ වෙනුවෙන් පසුගියදා පැවති රැස්වීමට එක්වූ මුතු මාල මහතා සඳහන් කර තිබේ.