http://www.gossiplankanews.com/2016/06/mahinda-rajapaksa-visits-to-japan_17.html
මහින්ද එක්ක ෆොටෝ ගන්න පැය 3 ක සෙෂන් එකක්
ප‍්‍රසන්නත් ජපන් සංචාරයට හිමීට එක් වෙලා
රෝහිත ජෝති ගී ගයද්දී විමල් දවසක් පැල නැති හේනේ ගයලා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය බ‍්‍රහස්පතින්දා ජපානය බලා ගියේය. ඒ ජපානයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයින්ගේ ආරාධනාවකට අනුවය. ජපානයේ මහින්ද එකමුතුව නමැති සංවිධානය මෙම සංචාරය සංවිධානය කර තිබිණි.
හිටපු ජනාධිපතිවරයා සමග විමල් වීරවංශ, රෝහිත අබේගුණවර්ධන,ජානක වක්කුඹුර, ලොහාන් රත්වත්තේ යන මන්ත‍්‍රීවරුද මෙම සංචාරයට එක්ව සිටියහ.
ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා හිටපු ජනාධිපති සමග මෙම සංචාරයට  එක්වීමට නියමිතව තිබුණද

ඔහු ජපානය බලා පිටත්ව ගියේ ඊට පසු දිනය. අධිකරණ කටයුතු කිහිපයක් සඳහා පෙනී සිටීම ඊට හේතුව විය.
හිටපු ජනාධිපතිවරයා නතර වූයේ ටෝකියෝ නුවර නරීටා හිල්ටන් හෝටලයේය. 11 වැනි දින උදෑසන  හිටපු ජනාධිපතිවරයා උදෑසන ආහාරය ගැනීමට ගිය අවස්ථාවේ රෝහිත අබේගුණවර්ධන මන්ත‍්‍රීවරයාගෙන්
ප‍්‍රසන්න ආවාදැයි විමසුවේය. ඔව් ඔව් යැයි රෝහිත කීවේය.
ආවානම් ඉක්මනට එන්න කියන්නැයි මහින්ද රාජපක්ෂ මහතා පැවැසුවේය.
ඒ අනුව ඒ වන විට හෝටලයට පැමිණ සිටි ප‍්‍රසන්නව එතැනට කැඳවාගත් හිටපු ජනාධිපතිවරයා.
මොනවද ආරංචි යැයි ඇසුවේය. සර් විශ්වාසභංගෙට ඡන්දේ දෙන්න හිටපු නැති එක ගැන ආණ්ඩුව එක එක කතා කියනවා යැයි ප‍්‍රසන්න කීවේය.
සර් එක්කම හිටපු සමහර අය මේක ආණ්ඩුව එක්ක ඞීල් එකක්ද  කියලා සැකයි කියලා තියෙනවා යැයි පැවැසීය.
”ඔව් මං අහගෙන සමහරු කියනවා මේ විශ්වාස භංගෙට නාමල්ලා, විමල්ලා අත්සන් කරලා නෑ කියලා” රෝහිත කීවේය.

”මට ඞීල් තියෙන්නේ  රටේ මිනිස්සුත් එක්ක විතරයි කියලා ජනතාව දන්නවා.  යුඑන් පීයට මුක්කු ගැහුව අය මොනවා කිව්වත් අපේ අය ඒවා විශ්වාස කරන්නේ නැහැ.” හිටපු

ජනපතිවරයා කියා ඇත.

පසුගිය සෙනසුරාදා මහින්ද රාජපක්ෂ මහතාට විශේෂ ආරාධනයක් තිබිණි. ඒ ජපානයේ සංඝනායක බානගල උපතිස්ස හිමියන්ගෙනි. එදින සවස  හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා බානගල උපතිස්ස හිමියන්ගේ ලංකාජි විහාරයට ගියේය.ජපානයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයෝ රැසක් එම ස්ථානයට පැමිණ සිටියහ.
හිටපු ජනාධිපතිවරයා සහ මන්ත‍්‍රීවරුන් වෙනුවෙන් විශේෂ ආශිර්වාද පුජාවක්ද  ලංකාජී විහාරස්ථානයේ පැවැත්විණි. එහිදී අනුශාසනාව කරමින්  බානගල උපතිස්ස හිමියන්  මීට වසර 20 කට කලින්  තමන්වහන්සේ පැවසු දෙයක් සිහිපත් කළහ. මීට අවුරුදු 20කට කලින් ඔබතුමාමේ විහාරස්ථානයට ආව වෙලාවේ මං කිව්වා  ඔබතුමා රටේ නායකයා වෙනවා කියලා .ඒක ඉෂ්ට වුණා. ඔබ තුමා රටට කළ සේවය
කවදාවත් අමතක කරන්න බෑ. මට මේ වෙලාවේ තව දෙයක් කියන්න තියෙනවා ජනාධිපතිතුමනි. අපේ රටේ ඇමැතිවරු කවදාවත් හිතලා වැඩ කරන අය නෙවෙයි.ඒත් මෙතැන ඉන්න ප‍්‍රසන්න රණතුංග හිටපු මහ ඇමැතිතුමා  කොළඹ මගේ පන්සලට ඇවිල්ලා  මම කියන්නෙත් නැතිව පන්සලට එන පාර හදලා දුන්නා.
අපේ රටට  ඕනි එහෙම ඇමැතිවරු.‘‘ බානගල උපතිස්ස හිමියෝ පැවසුහ.

ආශිර්වාද පූජාවෙන් පසුව හිටපු ජනාධිපතිවරයා ඇතුළු පිරිස බානගල උපතිස්ස හිමියන් සමග  විහාරස්ථානය
තුළ කතාබස් කරමින් සිටියදී හිටපු ජනාධිපතිවරයා  මෙම විහාරස්ථානයට කැඳවා ආශිර්වාද පූජාවක්
කරන්නේ ඇයි දැයි ආණ්ඩුවෙ ප‍්‍රබලයෙක් තමන්වහන්සේගෙන් විමසූ බව කීහ.
මහින්ද ඇතුළු පිරිස අනතුරුව හිටපු ජනාධිපතිවරයා ඇතුළු පිරිස සමග අදහස් හුවමාරු කරගත්හ.
පසු දින සවස  ජපානයේ සුපුබා ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණශාලාවේ  විශේෂ රැස්වීමක්  සංවිධානය කර තිබිණි. ජපානයේ වෙසෙන  ශ‍්‍රී ලාංකිකයෝ දෙදහසකට අධික  පිරිසක්  රටේ පවතින දේශපාලන තත්ත්වය
පිළිබදව  ප‍්‍රසන්න , රෝහිත,විමල් මෙන්ම හිටපු ජනාධිපතිවරයාද දැනුම්වත් කළහ.
රැස්වීම අතරතුර  ජපානයේ එක්සත් ජාතික පක්ෂ ශාඛා සභාපති සමරසේන මහතා  ශ‍්‍රී ලංකාව යුද්ධයෙන් මුදා ගැනීම සම්බන්ධව හිටපු ජනාධිපතිවරයාට උපහාර තිලිණයක් ප‍්‍රදානය කළේය. රැස්වීම අවසාන වීමෙන් පසු  ඊට සහභාගී වූ ශ‍්‍රී ලාංකිකයින්ට  හිටපු ජනාධිපතිවරයා සමග ඡායාරූපවලට පෙනී සිටීමට අවශ්‍ය විය. ඒ නිසා ඔවුන් සියලූ දෙනාම පාහේ. හිටපු ජනාධිපතිවරයා අසලට පැමිණිම නිසා
ශාලාව තුළ නොසන්සුන් තත්ත්වයක් ඇති විය. පසුව සංවිධායකයින් හිටපු ජනාධිපතිවරයා එම ශාලාවේ වෙනත් ස්ථානයකට රැගෙන ගොස් ඡායාරූප ගැනීමට ඉඩ කඩ සලසා දුන්නේය.
මේ ඡායාරූප ගැනීමට පැය තුනකට ආසන්න කාලයක් ගත විය. කුඩා දරුවන් සමග ඡායාරූප ගන්න  අතර ඔවුන්ගේ මව් පියන්ගෙන් මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ඉල්ලීමක්ද කළේය. ඒ  එම දූදරුවන්ටද සිංහල උගන්වන ලෙසයි.
ඉරිදා සවස ජපානයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයකුට අයත්  ටෝකියෝවේ පිහිටි අවන්හලක හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් විශේෂ රාත‍්‍රී භෝජන සංග‍්‍රහයක්ද සුදානම් කර තිබිණි. ජපානයේ මහින්ද එකමුතුවේ නිලධාරීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ. ජපානයට ආවේණික කෑම මෙන්ම  දේශිය කෑම වර්ගද  හිටපු ජනාධිපතිවරයා ඇතුලූ ධුත පිරිස වෙනුවෙන් සුදානම් කර තිබිණි.

ජපානයේ වෙසෙන ශ‍්‍රී ලාංකික තරුණ පිරිසක් මේ හමුවට සංගීතයද සැපයුහ. ඔවුන්ගේ සංගීතයට මුලින්ම ගී ගැයුවේ විමල් වීරවංශ මන්ත‍්‍රීවරයාය. ගුණදාස කපුගේගේ ගීත කිහිපයක්ම විමල් එහිදී ගැයුවේ රැස්ව සිටි පිරිසගේ ඉහල ප‍්‍රතිචාර ලබමිනි. විශේෂයෙන්ම  විමල් ගැයු කපුගේගේ ”දවසක් පැළ නැතිහේනේ”
ගීතයට ඉතා ඉහළ ප‍්‍රතිචාරයක්  හිමි විය. රෝහිත අබේගුණවර්ධන මන්ත‍්‍රීවරයාද ජෝතිපාලගේ ගීත කිහිපයක්ම ගැයුවේය. පළාත් සභා මන්ත‍්‍රී මෙරිල් පෙරේරා ගැයුවේ නව පරපුරේ ගීත කිහිපයකි. මේ රාත‍්‍රී භෝජන සංග‍්‍රහය විවිධ දේශපාලන කතා බහ මැද මධ්‍යම රාත‍්‍රිය දක්වාම පැවැතිණි.

පසුදින  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු  මන්ත‍්‍රීවරු ටෝකියෝ සිට සින්කොබේ දක්වා ගියේ අධිවේගී දුම්රියෙනි. ජපානයේ විශාලතම විහාරස්ථානය වන කොබේ‘ විහාරස්ථානයේ  ආගමික වතාවත් කිහිපයකට සහභාගී වීම එහි අරමුණ විය.ජපානය සංචාරය අතර තුර හිටපු ජනාධිපතිවරයා ඉදි කෙරෙමින්
පවතින නාලන්දා බෞද්ධ විශ්ව විද්‍යාලයේ ඉදි කිරීමද නිරීක්ෂණය කළේය.එහිදී හිටපු ජනාධිපතිවරයා ජපාන මාධ්‍යවේදීන් කිහිප දෙනකු සමගද සාකච්ඡා කළහ. යුද සමයේදී   මෙරට ජපානයේ විශේෂ සාම නියෝජිතයා වූ යෂුෂි අකාෂි මහතා සමගද හිටපු ජනාධිපතිවරයා සාකච්ඡා කළේය. ඒ පසුගිය බදාදාය.

කොටි ත‍්‍රස්තවාදයට එරෙහි යුද ජයග‍්‍රහණය වෙනුවෙන් ජපානය ලබා දුන් සහයෝගය පිළිබදව මෙහෙදී කෘතවේදීව සිහි කළ හිටපු ජනාධීපතිවරයා  පසුගිය කාලයේ ශ‍්‍රී ලංකාව ස්වාභාවික විපත්වලදී ජපානය ලබා දුන් සහයෝගයටද ස්තූතිය පුද කළේය.

ජපාන විශේෂිත සාම නියෝජිත  යෂුෂි අකාශි මහතා මෙහිදී හිටපු ජනාධිපතිවරයාට කීවේ ශ‍්‍රී ලංකාව වෙනුවෙන් හිටපු ජනාධිපතිවරයා කළ සේවය කිසිදා කිසිවකුට අමතක කළ නොහැකි බවයි.

ජපානයේ හිටපු අගමැති යුකෝ ෆකූඩා මහතා සමගද  හිටපු ජනාධිපතිවරයා සාකච්ඡා කළේය. ජපානයේ ටෝකියෝ නුවර  හිටපු ජනාධිපතිවරයා ඇවිද යනු දුටු ශ‍්‍රී ලාංකිකයෝ මෙන්ම ජපාන ජාතිකයෝද ඔහු වෙත පැමිණ කතා බහ කිරීම මෙහිදී  විශේෂ සිදුවීමක් විය.
ජපානයේ සාමාන්‍ය කඩවල්වලට ගොඩවැදුණ මහින්ද ඇතළු පිරිස ඒවායේ කෑම බීම මිලට ගෙන අනුභව කරන අවස්ථාද පේමන්ටු වල සැරිසරනක අවස්ථාද විය. ඒ අතරතුර චායා?ප ලබාගන්නටද කන්ඩායමේ සෙස්සන් අමතක කලේ නැත.
ජනපතිගේ ආරක්ෂකයින් 10 දෙනෙකුද ඔහු ඒ සිටින ස්ථාන හැම එකකම ඈතට වන්නට සිටි බව කියැවුණි. ජපාන සංචාරය නිමවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුලූ  දූත පිරිස ලබන සදුදා යළි දිවයිනට  පැමිණීමට නියමිතය.

තොරතුරු - රමේෂ් වරල්ලගම