ඇමැති ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සිය දියණියන් වාසය කරන ඇමරිකාව බලා ගමන් කිරීමට අවශ්‍යතාවයක් මතුවී වීසා අයදුම් කිරීමේදී ඒවා නිකුත් කරන්නට බැරි බව කොළඹ පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය දන්වා ඇත.
මෙයට හේතු විමසීමේදී
තානාපති කාර්යාලය දන්වා ඇත්තේ ඔහුගේ නම අසාදුගත (බ්ලැක් ලිස්ට්) කර ඇති බවයි.

ඇමරිකාවේ මින් ඉහත ගැටලුවකින් තොරව සංචාරය කර තිබෙන සරත් ෆොන්සේකා මහතාගේ නම මේ ආකාරයට අසාදු ලේඛන ගත කර ඇත්තේ යුද අපරාධ චෝදනා සහිත උතුරු නැගෙනහිර එල්ටීටීඊ සංවිධානයට එරෙහි යුද මෙහෙයුම් සඳහා සෘජුව නායකත්වය දීම යන කාරණාව සටහන් කරමිනි.
යුද්ධය අවසන් වීමෙන් පසුව 2009 වසරේ දී  ඇමෙරිකාවේ සංචාරය කළ ෆොන්සේකා මහතාව එරට අභ්‍යන්තර ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරීන්ගේ ප‍්‍රශ්න කිරීමට ද ලක්ව තිබුණ අතර මෙම අසාදුගත කිරීම සිදුව ඇත්තේ ඉන් පසුවයි.
කෙසේ වෙතත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකානු පුරවැසියෙකුව සිටියදී යුද්ධය අවසන් වීමෙන් පසුව මීට මාස කිහිපයකට පෙරත් ගැටලූවකින් තොරව ඇමරිකාවේ සංචාරය කර ඇත.