මේ දිනවල පවතින වෛරස් උණ රෝගී තත්වයන් ඇතුළු විවිධ රෝග ආබාධ නිසා අසාමාන්‍ය ලෙස මන්ත‍්‍රීවරුන් 08 දෙනෙකු පමණ රෝහල්වල නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් පසුවන බව වාර්තා වනවා.
කථානායක කරු ජයසූරිය මහතා සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සිව් දෙනෙක්
ඊයේ (23) පස්වරුව වන විට කොළඹ නවලෝක රෝහලට ඇතුළත්ව නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටියා. එම මන්ත‍්‍රීවරුන් වන්නේ ඩලස් අලහප්පෙරුම, වෛද්‍ය කාවින්ද ජයවර්ධන, නාලක කොළොන්නෙ සහ චමින්ද විජේසිරි යන අයයි. එකවර මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකුම එකම රෝහලක ප‍්‍රතිකාර ලැබිම විශේෂත්වයක් වූ අතර ඔවුන්ගේ සුවදුක් විචාරන්නට හිතවත් දේශපාලනඥයින් පැමිණීම නිසා එම රෝහලද ආරක්ෂකයින් හා දේශපාලන හිතවතුන්ගෙන් පිරී ඇත.
මේ අතර ඊයේ (23) පස්වරුව වන විට තවත් රෝග තත්ව පෙන්නුම් කළ මන්ත‍්‍රීවරුන් තිදෙනකු නවලෝක රෝහල වෙත නේවාසිකව ප‍්‍රතිකාර ලැබිමට පැමිණි නමුත් කාමර නොමැතිවීම හේතුවෙන් වෙනත් පුද්ගලික රෝහලක් වෙත ගෙන ගිය බවටද තොරතුරු වාර්තා වේ.