බ්‍රසීලයේ මැනොස් හි සත්වෝද්‍යානයක පැවැත්වුන ඔලිම්පික් ගිනි සිළු ප්‍රවර්ධනයකට එක් වූ ජගුවරයෙක් එය අවසන් වීමත් සමගම වෙඩි තබා ඝාතනය කොට තිබේ.



මේ සම්බන්ධයෙන් එරට හමුදාව පවසන්නේ උත්සවය අවසන් වීමත් සමගම එම ස්ත්‍රී ජගුවරයා ඇයව රඳවා සිටි අයගෙන් මිදී සොල්දාදුවෙක් වෙතට කඩා වැදුන බවයි. හිස් උණ්ඩ හතරක් මගින් ඇයව මෙල්ල කිරීමට උත්සහ කළත් එය නිශ්ඵල වූ බැවින් පිස්තෝලයකින් වෙඩි තැබූ බව ඔහු සඳහන් කරයි.
පුහුණුවීම් සිදුවූ අවස්ථාවේ වීඩියෝව පහතින්