http://www.gossiplankanews.com/2018/09/damith-asanka-drug-abuse.html
දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ජනප්‍රිය ගායක දමිත් අසංක එසේ බන්ධනාගාරගතවූයේ සිය වැල්ලවාය නිවසේ ඇති කළ කලබලකාරී තත්වයක් මත අසල්වැසියන්ගේ පැමිණිලි බව මත වාර්තා විය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ආරංචිවී තිබෙන නවතම තොරතුරු අනුව ගම්වාසීන් දමිත් අසංක ගායකයා සම්බන්ධ විවිධ පැමිණිලි මාධ්‍ය වෙත ඉදිරිපත්කර තිබේ.
මේ අවසන් සිද්ධියට පෙරාතුව සිටම දමිත් අසංක අධික ලෙස මත්කුඩු වලට ඇබ්බැහිවී
ඔහුගේ ජීවිතය මෙන්ම ප්‍රදේශවාසීන්ගේ ජන ජීවිතය අවුල් කර ඇති බව වාර්තා විය. ඔහු කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවී සිටීම නිසා  ගායන ශිල්පියෙකු ලෙස හම්බ කළ ධනය පවා නාස්ති කරගත් අයෙකු බවත් පසු කලෙක සිය සංගීත දිවිය නිමා කරන්නට පවා මෙම ඇබ්බැහිය හේතුවූ බවත්

ගම්වැසියන් සඳහන් කර තිබේ.

මීට දශකයක දෙකක පමණ කාලයක සිට නව පරපුරේ වේග රිද්ම ගායනාවන් සිදු කිරීම නිසා දමිත් අසංක ජනප්‍රියත්වයට පත්ව සිටියේය. ඔහු ගැයූ මට දුන්න දුක් ගින්න,මගේ හිතගාව, අනන්ත ප්‍රේම ලෝකේ, මේ අනන්ත රාත්‍රියේ, සිත මගේ ආදී ජනප්‍රිය ගීත නිසා ප්‍රසංග වේදිකාවටද ඔහු නැතිවම බැරි විය. කෙසේ වෙතත් මෙම ඇබ්බැහිය නිසා ඔහු අලුතින් නිර්මාණ සිදු කිරීම නතර කර තිබුණ අතර මීට ටික කලකට පෙර ප්‍රසංග වලින්ද සමුගත්තේය.

ඔහු තමන් බුදු දහම සරණ යන බවත් ජීවිතය ගැන කලකිරී ඇති බවත් මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවලදී කියා සිටි අතර පසුගියදා සිහි විකලෙන් මෙන් හැසිරී නිවැසියන් සමග ආරවුල් ඇති කරගෙන පන්සලකට ගොස් පැවිදිවීමට උවමනා බවට එම විහාරස්ථ හිමිනමකගෙන් ඉල්ලා  ඇත. ඔහු උමතුවෙන් හැසිරීම සම්බන්ධයෙන් විහාරාධිපති හිමියන් සානුකම්පිතව සලකා සිත නිවන්නට උපදෙස් දී ඇති නමුත් දමිත් අසංක විහාරස්ථානයේ හිමිනමට අයත්ව තිබුණ සිවුරක් උදුරාගෙන තමන්ගේ සිරුරේ එය දවටාගෙන තනිව ධර්ම දේශනා දෙසමින් උමතු හැසිරීමක නිරතවී ඇත.
එම අවස්ථාවේ නිවැසියන් හා ඥාතීන් වෙත සිද්ධිය දැනුම් දෙන්නට විහාරාධිපති හිමියන් කටයුතු කර තිබේ.

ඥාතීන් පැමිණ දමිත් අසංකව පාලනය කරන්නට උත්සාහ කළත් ඔහු දිගටම කලහ කරගෙන තිබේ. පසුව ඔහු කුදලාගෙන පොලිසියට භාර දී ඇත්තේද ඥාතීන් හා අසල්වැසියන් විසිනි. පාලනය කරගන්නට අපහසුවූ ඔහු මනෝ විකෘතතාවයකින් පෙළෙන බවට එල්ලවූ පැමිණිලි අනුව අධිකරණය ඔහු පිළිබඳ පරීක්ෂණ වාර්තාවක් මේ වනවිට කැඳවා ඇති අතර ඔහුගෙන් බාහිර අයට සිදුවිය හැකි හානිය සලකා රක්ෂිත බන්ධනාගාරයට යොමු කර තිබේ. ලබන 9 වනදා දක්වා ඔහු මොණරාගල බන්ධනාගාරයේ වෙනම කුටියක රඳවා ඇත. අධික මත්කුඩු ඇබ්බැහිය නිසා ඔහුගේ වටිනා ජීවිතය විනාශ කරගෙන තිබෙන බව ගම්වැසියන් පවසා තිබේ.
තිදරු පියෙකු වන දමිත් අසංක මව හා සහෝදරයින් දෙදෙනෙකුද රැක බලාගනිමින් කල්ගෙවූ අයෙකි.