ටෙලි නිළි වොල්ගා කල්පනී පසුගියදා පුවත්පතකට මෙසේ පවසා තිබුණි.

ජනප්‍රිය ලැයිස්තුවේ හිටියත් ඔබට සම්මාන නැහැ. ඇයි ඒ?

    ජනප්‍රිය දහයේ මම හැමදාම ඉන්නවා. පසුගිය දිනවල පැවැති 'රයිගම්' හා 'සුමති' ටෙලි සම්මානවල මම
පළමු දහ දෙනා අතර හිටියා.

නමුත්, සම්මානයකට යන්න තරම් මම වාසනාවන්ත නැහැ. අනික ලංකාවේ සම්මාන පිරිනැමිම අවංකව සිදුවෙනවාද කියලා මම දන්නෙ නැහැ. ඒකම මට ගැටළුවක්. අනික මට අවශ්‍යතාවයක් නැහැ මටම එස්.එම්.එස්. කරගන්න පෝස් කාර්ඩ් යවලා ජනප්‍රිය නිළිය වෙන්න. ඒ වගේම තමයි මම ජනප්‍රිය නිළියක් වෙනවාට වඩා කැමති දක්ෂ හොඳම නිළියක් වෙන්න. කොහොම හරි අවංකව මට සම්මානයක් ලැබෙනවා නම් මම ගොඩක්ම සතුටු වෙනවා ඒ ගැන.