කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත කොල්ලුපිටිය ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ආර්.ප්‍රියදර්ශන ද සිල්වා මහතා පසුගිය සිකුරාදා (01දා) කෙල්ලුපිටි මුහුදු මාවතේ පවත්වාගෙන ගිය චීන සම්බාහන මධ්‍යස්ථානයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා චීන කාන්තාවන් 04 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම කාන්තාවන් 4 දෙනා අවුරුදු 28-32 අතර පසුවන අයයි.  මෙහිදී
කොල්ලුපිටිය පොලිසියේ උපාය

දුතයකු රු. 5000 මුදලක් මෙම කාන්තාවකට ලබා දී එම අවස්ථාවේදී චීන කතුන් තිදෙනා ද අත්අඩංගුවට ගෙන ඇත.

 මෙම මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය කාත්තාවන්ට සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යෑමට බලපත්‍රද නොමැති බවත් මෙම කාත්තාවන් 04 දෙනාටම මෙරට රැදී සිටීමට වීසා නොමැති බවත් කොල්ලුපිටිය ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ආර්.ප්‍රියදර්ශන ද සිල්වා මහතා පවසයි.  මෙම චීන ජාතික කාන්තාවන් 04 දෙනා පෙරේදා ජුනි (02) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ජුනි 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇතැයි ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ආර්. ප්‍රියදර්ශන ද සිල්වා පවසයි.

  කොල්ලුපිටිය පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ප්‍රියදර්ශන ද සිල්වා මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක .එම්. නිලන්ත මහතාගේ මෙහෙයවීමෙන් වැටලීම කළ අතර පො.සැ. කේ.එස්. ඒකනායක මහතා චීන කාන්තාවන් 04 දෙනා උසාවියට ඉදිරිපත් කර තිබිණි.