තැපැල් ස්ථානාධිපතිවරුන් දියත් කර ඇති සංකේත වර්ජනය හේතුවෙන් ලිපි බෙදා හැරිම කටයුතුවලට බාධා
එල්ලවී තිබෙයි

නව පත්වීම් ස්ථීර කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ මෙම
වර්ජනය ආරම්භ කළ අතර, තැපැල් කාර්යාල 653ක සහ පාලන කාර්යාල 42ක වර්ජනය ක්‍රියාමත්මක
බවයි තැපැල් හා විදුලි සංදේශ නිලධාරී සංගමයේ ප්‍රධාන ලේකම් එච්.කේ. කාරියවසම් ප්‍රකාශ කරයි.
ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය සාධාරණ වුවද සංකේත වර්ජන තුලින් ඉල්ලීම් දිනාගැනීමට නොහැකි බව
ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසා තිබේ.
ඒ අනුව ලබන 11 වනදා සිට තම සංගමය අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගයකට එලඹීමට තීරණය කර ඇති බවද  කැඳවුම්කරු චින්තක බණ්ඩාර පවසයි.
තැපැල් සේවා  අමාත්‍ය ඒ.එච්.එම්. හලීම් මහනුවරදී ඊයේ කියා ඇත්තේ තමන් ඉල්ලීම් ඉටු කළ බවයි.