සුගිය වසරේ මැයි මස 31 දින රාත්‍රී ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරින් මලයාසියාව බලා පියාසර කළ MH 128 ගුවන් යානයක බෝම්බ බියක් ඇති කළ  ශ්‍රී ලංකිකයෙකු සම්බන්ධ නඩුව විභාග වීමෙන් අනතුරුව ඔහුට ඔස්ට්‍රේලියාවේදී වසර 12 ක සිර දඬුවම් නියම වී තිබේ.
මනෝද් මාර්ක් නමැති 26 හැවිරිදි මොහු පසුගිය
වසරේ මැයි මාසයේදී ක්වාලලම්පූර් දක්වා පියාසර කරන MH128 දරණ මැලේසියානු ගුවන් සේවයට අයත් යානයේ නියමු කුටියට ඇතුළු වීමට උත්සාහ කරමින් යානය යළි මෙල්බර්න් දක්වා හරවාගෙන යෑමට උත්සාහ කර තිබුණි.
තමන් බෝම්බයක් සමග සිටින බව පවසමින් ඔහු මෙම ක්‍රියාව සිදුකර

තිබුණු අතර, පසුව පරීක්ෂා කිරීමේදී ජංගම දුරකථන චාර්ජ් කිරීමට ගන්නා පවර් බෑන්ක් එකක් පෙන්වා බොරු බියක් ඇති කළ බව හෙළි විය.

මත්ද්‍රව්‍ය නිසා ඇති වූ මානසික ව්‍යාධියක් නිසා ඔහු විශාල පිරිසකගේ ජීවිත අවදානමට ලක්කිරීමත් යානයක් ආපසු හැරවීම නිසා පාඩු සිදු කිරීමත් මත නඩුව විභාග විය.
මෙම කලබලය ඇති කළ යානයේ මගීන් 300 ක් පමණ සිටි බවද වාර්තා විය.

 ඕස්ට්‍රේලියාවේ සිට මැලේසියාව දක්වා ගමන් කළ MH 128 යානයේ ශ්‍රී ලාංකික මගියෙකු බොම්බයක් ඇතැයි කියා කළ ‘විකාරය‘ ඒ දිනවල ලෝකයේ සියලුම ප්‍රධාන මාධ්‍ය ජාලාවල මුල් පුවත බවට පත්වූ අතර එමගින් ලංකාවේ නමට මෙන්ම ඕස්ට්‍රේලියාවේ වාසය කරන බහුතරයක්වූ ලාංකික ප්‍රජාවට ඉමහත් අපකීර්තියක්ද අත්කර දුණි.

මෙම ක්‍රියාව සිදු කරන ලද්දේ ඕස්ට්‍රේලියාවේ Dandenong හි ශිෂ්‍ය වීසා මත වාසය කරමින් සිටි මනෝද් එම්. මාර්ක්ස් නමැති ශ්‍රී ලාංකිකයෙකි. ඔහුගේ වයස 25 ක් වූ අතර බීමතින් මේ දේවල් කර ඇතැයි මුලදී නිරීක්ෂණය කර තිබුණත් ඔහුට සත්‍ය ලෙසම මත්ද්‍රව්‍ය ඇබ්බැහිය නිසා මානසික ආබාධයකට ලක්ව සිටි බව තහවුරු විය. Monash Medical Centre රෝහල වෙතින් අවසන් වරට ඔහු සිය මානසික ආබාධය සඳහා ප්‍රතිකාර ලබාගත් බව දක්වමින් ඔහු නඩුවෙන් නිදහස් වන්නටද උත්සාහ දැරුවේය.

ගුවන් යානය පිටත්වී මිනිත්තු තිහකින් පමණ බැටරි දැමූ උපකරණයක් තමා අසළ සිටි මගීන්ට පෙන්වමින්  “I’ve got a bomb and I’m going to f***ing blow the plane up” යයි කෑගසා තිබුණ ඔහු මගීන් බොරුවට බය කර තිබුණ අතර  තමාට ගුවන් නියමු කුටියට යන්නට අවශ්‍ය බව පවසමින් තර්ජනය කර තිබුණි.
එම අවස්ථාවේ කාර්ය මණ්ඩලය ඔහු වළක්වා මෙල්ල කළ පසුව ඔහු බිම ඇද වැටී සිටියේය.

යානාව නැවත හරවා යාමෙන් පසු ආරක්ෂක අංශ ඔහු ඔවුන් භාරයට ගත්තේ කිසිදු කරදරයකින් තොරවයි.
බෝම්බ කතාව ඔහුගේ මනෝ විකාරයක් බවද හෙළි විය.

මෙම ගුවන් යානයේ ඕස්ට්‍රේලියානු හිටපු පාපන්දු තරුවක් හා ඔහුගේ පෙම්වතියද ගමන් කළ අතර ඔවුන් ලබාදුන් ප්‍රකාශද පදනම් කර වාර්තා පළවූ නිසා මේ සිද්ධිය ඒ දිනවල තවත් ප්‍රසිද්ධියට පත්විය.
එය එකල ලෝකයේ සියලුම ප්‍රධාන පෙළේ මධ්‍ය වල මුල් පුවත බවට පත්වූ අතර ‘මනෝද් නමැති උන්මත්තක ශ්‍රී ලාංකිකයෙකු කළ විකාර වැඩක්‘ යනුවෙන් එ් බොහොමයක් වාර්තා අර්ථ ගන්වා තිබුණි.

මගීන් අපහසුතාවයට පත් කිරීම, අනියත බියට පත් කිරීම හා ගමන අවලංගු කිරීමට බලපෑම් කිරීම යන චෝදනා යටතේ ඕස්ට්‍රේලියානු ෆෙඩරල් නීතියට අනුව ඔහුට වසර 12 ක දඬුවමක් ලැබිණි.
ඔස්ට්‍රේලියානු යානයක් පැහැර ගැනීමට උත්සාහ කළ අයෙකු එරට තුළ සිරභාරයට ගැනුණු ප්‍රථම අවස්ථාව මෙය ලෙසද සැලකෙයි.