මාතලේ අවන්හලක් තුළ සිදුවූ පිහි ඇනුම් සිද්ධියට මුල  පිරිමි- පිරිමි සම ලිංගික ඇසුරක් බව මේ වනවිට සිදු කර තිබෙන පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ.
මාතලේ නගරයේ අවන්හලක කාමරයක් තුළ ලැගුම්ගෙන සිටි තරුණයින් දෙදෙනෙකු අතර පසුගියදා  ඇති වූ ගැටුම නිසා පිහි ඇනුමක් සිදුව තිබූ අතර
එක් පුද්ගලයෙකු තුවාල ලබා මාතලේ දිස්ත්‍රික් මහ රෝහල වෙත
ඇතුලත්කර තිබුණි.
ඔවුන් ලැගුම්හළේ තනි කාමරයක නවාතැන්ගෙන තිබූ බවත් ඉතා සමීප යහළුවන් සේ හැසිරුණ බවත් අවන්හළේ කළමනාකරු පොලිසිය වෙත සාක්ෂි සපයා තිබූ අතර ඒ අනුව පිහි ඇනුම් සිදු කළ අනෙක් තරුණයා

දිගටම ප්‍රශ්න කිරීමට පොලිසිය කටයුතු කරන ලදි.
මාතලේ වාලවෙල හා රත්නපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21 හා 24 වයසැති මෙම තරුණයින්
දෙදෙනා වසර දෙකකට පමණ පෙර එක් තරුණයෙකුගේ දුරකථනයකට පැමිණි කෙටි පණිවිඩයක් හේතුවෙන් දැන
හදුනා ගෙන මාස ගණනක් දුරකථනයෙන් කථා කර හිතවත් වූ අය බව එහිදී හෙළි විය.
එම හිතවත් කම සමලිංගික ඇසුරක් බවට පත්වූ බවත් තරුණයින් දෙදෙනා විටින් විට ඔවුන්ගේ නිවෙස්හි දින ගණන් නැවති මිතුරන් ලෙස ආශ්‍රය කරන ලද බවත් පවසා තිබෙයි.
පසුගිය වසරේදී මෙම තරුණයින් දෙදෙනා මාතලේ නගරයේ ප්‍රධාන සිල්ලර බඩු වෙළද සැලක සේවයට
එක්වී තිබූ අතර එම රැකියාවට ගොස් ඇත්තේ  නැවතුම් පලක නැවතී සමීප ඇසුරද පවත්වමිනි.
 මේ අතර එක් අයෙකුට විදේශ රැකියාවකට යාමට අවස්ථාවක් උදාවීම නිසා එහි සේවයෙන් ඉවත්වි විදේශ ගතවිමට තිරණය කර ඇති අතර එම තිරණයට අනෙක් තරුණයා උරණව ඇත්තේ තමා තනි කර යාම ගැටලුවක් බව පහදමිනි.
නමුත් අනෙක් තරුණයා තීරණය වෙනස් කරන්නට උනන්දුවී නැත. අත්‍යවශ්‍ය  කාරණයක් කීමට ඇති බව පවසා අවසන් වරට ඔහුව හමුවන ලෙස කරන ලද ඉල්ලීමක් මත මාතලේ නගරයට පැමිණ හිග්ගොල්ල ප්‍රදේශයේ මේ කියන අවන්හලේ නවාතැන් ගෙන ඇත්තේ ඒ අනුවයි.
දෙදෙනා අතර විදේශ ගතවිමට ගත් තිරණය ගැන එහිදී දිගටම වාදයට ලක්ව තිබෙන අතර  ඇතිවු බහින් බස් විම දුරදිග යාමෙන් පිහි ඇනුමක් සිදු කරන්නට මෙම තරුණයා පියවර ගෙන තිබේ. පිහි ඇනුමෙන් පසු තමාගේ ඇදුම් බැගයේ සගවා තිබූ වස බෝතලය පානය කිරීමට සැලසුම් කර තිබුන නමුත් ලැගුම්හලේ අය කලබලය නවතන්නට ආ අවස්ථාවේ එය වළකන ලදැයි තරුණයා පොලිසිය වෙත පවසා තිබේ.
තුවාල වු පුද්ගලයා මාතලේ රෝහලේ ප්‍රතිකාර ලබන අතර අනෙක් සැකකරු මාතලේ අධිකරණයට ඉදිරිපත්
කිරිමට නියමිතයි.