පේරාදෙණිය ඉංජිනේරු පීඨයෙන් වරලත් ඉංජිනේරු උපාධියක් ලබාගත් බවට ව්‍යාජ උපාධි සහතිකයක් ඉදිරිපත් කර මහවැලි අමාත්‍යශයට අයත් කාර්යාලයක වසර 07 කට ආසන්න කාලයක් සිවිල් ඉංජිනේරුවරයකු ලෙස ඉහළ වැටුප් ලබමින් සේවය කළ පුද්ගලයෙක් පොලිස් වංචා විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
 මාසිකව රුපියල් 50255 ක මූලික වැටුපක් ලබාගෙන
ඇති ගාල්ල වදුරඹ ප්‍රදේශයේ වාසය කළ මෙම පුද්ගලයා වයස 52 ක් බවත් ඔහුට වයස 45 දී බොරු සහතික සමග මහවැලි  සංවර්ධන හා පරිසර අමාත්‍යශයට සේවයට එක්ව ඇති බවත් පඍීක්ෂණ වලදී හෙළිව ඇත.
එම අමාත්‍යංශය යටතේ ඇති ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක

කාර්යාංශයේ ඔහු වසර 07 කට ආසසන්න කාලයක් සිවිල් ඉංජිනේරුවරයකු ලෙස සේවය කර තිබේ.
 2010 නොවැම්බර් මාසයේ 1 වැනිදා සිවිල් ඉංජිනේරුවිරයකු

 සැකකරු සේවයට බැඳී ඇත්තේ 1991 වසරේ පේරාදෙණිය ඉංජිනේරු පීඨයෙන් වරලත් ඉංජිනේරු උපාධියක් ලබාගත් බවට උපාධි සහතිකයක් ඉදිරීපත් කරමින් වන නමුත් එය අනුමත කර ඔහුට සේවය ලබාදෙන්නට එකල නිලධාරීන් කටයුතු කිරීම ගැටලු කාරීය. කෙසේ වෙතත් වසර 6 ක ඇවෑමෙන් 2016  උපාධි සහතිකය ගැන ප්‍රධානීන්ට සැකයක් ඇතිවී ඒ ගැන සොයා බලන බව දැනගත් සැකකරු 2016 දෙසැම්බර් මාසයේ 29 වැනිදා සේවා ස්ථානයෙන් පළාගොස් ඇති බවටද වාර්තා විය.

 කාර්යාංශයේ මානව සම්පත් කළමනාකාරවරයා යම් සම්බන්ධයෙන් පොලිස් වංචා පිමරේශන කාර්යංශයේ පැමිණිලි කිරීමෙන් පසු සැකකරු සොයා පරික්ෂණ ආරම්භ වී ඇත.
වඳුරඹ ප්‍රදේශයේ වැඩබිමක සේවය කරමින් සිටියදී මෙම හොර ඉංජිනේරුවරයා පෙරේදා (13) අත්අඩංගුවට ගත් බව පොලිසිය දන්වා තිබේ.
පරීක්ෂණ වලට හසුවීමට බියේ පළා ගිය සැකකරු පසුගිය මාස කිහිපයේම දිවයිනේ විවිධ පැති වල ඉංජිනේරුවරයකු ලෙය පෙනී සිටිමින් සේවය කර ඇතැයි වාර්තාවී තිබේ.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.