බන්ධනාගාර ගත කර සිටින  ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරයේ ආර් වාට්ටුවේ. මේ වනවිට රඳවා සිටින අතර එය වෙන්කර ඇත්තේ කල් ක්‍රියාව යහපත් සිරකරුවන් 15 කු  වෙනුවෙනි.

බන්ධනාගාර නීති ප්‍රකාර ජම්පරය ඇඳීම ප්‍රතික්ෂේප කර අඳනය මත සුදු රෙදිකඩක් හැඳගත් උන් වහන්සේ
ඔවුන් සමග සුහදව වාට්ටුව තුළ ඊයේ කථාකරමින් සිට ඇත.
ඊයේ  එම වාට්ටුවේ රදවා සිටි සිරකරුවන් උන්වහන්සේට අවස්ථා කිහිපයකදී ගිලන්පස ලබාදීමට කටයුතු කර ඇති

බවද මේ අතර දැනගන්නට ලැබේ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සෞඛ්‍ය තත්ත්වය පිළිබදව ඊයේ දිනයේ වෛද්‍යවරයෙකු පරීක්‍ෂා කර ඇති අතර උන්වහන්සේගේ දෙපාවල තිබෙන කුෂ්ඨ රෝගී තත්ත්වයක් ගැන කරුනු සඳහන් කර ඇති බවත් එයට ප‍්‍රතිකාර ලබාදී ඇති බවත් වාර්තාවේ. කෙසේ වෙතත් බන්ධනාගාර රෝහලට උන් වහන්සේ යොමු කරනු ඇති බවක් තවම වාර්තා නොවේ.