පොලිස්‌ නිලධාරියකු ද ඝාතනයට ලක් වෙමින් මාතර නගරයේ සිදු වූ වෙඩි හුවමාරුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොස්‌ගොඩ තාරක නමැති පාතාල නායකයා අඟුණකොළපැලැස්‌ස බන්ධනාගාරය වෙත
රැගෙන යද්දී එහි රැඳවියන් විසින් ඔහුව පිළිගැනීමට උත්සවයක්‌ සූදානම් කර තිබුණු බව වාර්තාවේ.
මෙම කටයුත්ත සිදු කර ඇත්තේ ඔවුන්ගේ ප්‍රධානියා වන පාතාලයේ “ගෝර්ඩ් ෆාදර්” ලෙස හඳුන්වන ඩුබායිහි සැඟවී සිටින මාකඳුරේ

මධුෂ්ගේ නියෝගය මත බවද වාර්තාවේ.
කොස්‌ගොඩ තාරක බන්ධනාගාරය වෙත රැගෙන ආ අවස්‌ථාවේ උණුසුම් අන්දමින් ඔහු පිළිගෙන ඇති රැඳවියන් පිරිස ඔවුන්ගේ කර පිටින් මෙම පාතාල නායකයා බන්ධනාගාරයට රැගෙන ගොස්‌ ඇති බවද කියැවේ.
බන්ධනාගාර ගතවූ කොස්‌ගොඩ තාරකගේ ආරක්‍ෂාව පිළිබඳව සොයා බැලීමට මෙන්ම ඔහුගේ සියලු අවශ්‍යතා සපුරන ලෙසද මධුෂ් තම ගෝලබාලයන්ට උපදෙස්‌ ලබාදී ඇති බව ද වාර්තා විය.
නමුත් බන්ධනාගාර ප්‍රකාශකයින් මෙම කතාව අසත්‍ය බව පවසා ඇත.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පුවත්පත් වාර්තා පළව තිබෙන අතර බන්ධනාගාරයේ CCTV දර්ශන පරීක්ෂා කිරීමට කටයුතු කළ බව මේ ගැන විමසීමේදී ප්‍රකාශකයකු පවසා තිබේ.