ප්‍රබල දකුණු අප්‍රිකානු හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම්වලට අමතක නොවන ක්‍රිකට් ඉනිම් කිහිපයක් ක්‍රීඩා කළ තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න පසුගිය දිනවල ‘ඩෙංගු’ රෝගයට ගොදුරු වී සිටි පුවතක් වාර්තාවෙයි.



මේ දිනවල ඉන් සුවය ලබා සිටින ඔහු ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුහුණ දීමට සූදානමින් සිටින ක්‍රිකට් තරගාවලි සඳහා එක්වීමට සූදානමින් සිටිනවා.

‘ආබාධ තත්ත්වය සුව අතට හැරිලා නැවතත් ජාතික කණ්ඩායමට එකතු වෙන්න සූදානමින් සිටින අවස්ථාවක තමයි මට ‘ඩෙංගු’ උණ හැදුණේ. පසුගිය සති කිහිපයේදීම ඒ වෙනුවෙන් විවේකීව ඉන්න මට සිද්ධ වුණා. තවත් දින කිහිපයක් විවේකයෙන් ඉඳලා නැවතත් ක්‍රිකට් පුහුණුවීම් කටයුතුවල නිරත වෙන්න තමයි සැලසුම් කරමින් ඉන්නේ. ගොඩ කාලයක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත්වෙලා හිටිය නිසා හැම දෙයක්ම මුල ඉඳලම පටන් ගන්න තමයි සිද්ධ වෙලා තියෙන්නේ.’