ම විවාහක බිරිය සමග දැඩි හිතවත්කමක් ඇති රූමත් මිතුරිය ඇගේ සැමියා සමග නිදන අයුරු නිරීක්ෂණය කරන්නට කැමැත්තක් පහළවූ පුද්ගලයෙකු රාත්‍රියේ ඇගේ නිවෙසට ඇතුළුවී හසුවීමෙන් පසු ඇගේ සැමියා එල්ල කළ පොලු ප්‍රහාරයකට ලක්වීමෙන් පසුව අනුරාධපුර පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
 අනුරාධපුර පුබුදුපුර ප්‍රදේශයේ
මල්වතුඔය ආසන්නයේ පිහිටි අඩක් නිම කළ දෙමහල් නිවසක පදිව සිටින රූමත් තරුණ කාන්තාව නිදන අයුරු නැරඹීමට ගොස් තිබෙන මෙම  දෙදරු පියා පොලු ප්‍රහාරයට ලක් වී තිබේ. සැකකරුගේ බිරිය හා පැමිණිලිකාර පුද්ගලයාගේ බිරිය හොඳම මිතුරන් බව පොලිසිය පැවසුවේය.

සැකකරු බීර බෝතලයක් පානය කිරිමෙන් අනතුරුව ගංජා සුරුට්ටුවක් උරා මෙම නිවෙසට හොර රහසේ ඇතුළු වී ඇති බව වාර්තා විය. එහි ඇතුළු වූ සැකකරු ඇය හා සැමියා නිදා සිටි කාමරයේ ජනේලයේ ආරක්ෂාවට සවිකර තිබූ රෙද්ද හෙමින් සීරුවේ ඈත්කර කාන්තාව නිදා සිටින අයුරු නරඹන්නට පටන්ගෙන තිබේ.


 ඉටි කොළය කිසිවකු ඈත්කර බලන බව කළුවරේ දුටු කාන්තාවගේ සැමියා හීන්සිරුවේ අවදි වී ඔහු අල්ලා ගැනීමට ගිය අවස්ථාවේ සැකකරු  නිවෙසේ උඩුමහලට දිවගොස් ඇති නමුත් එහිදී කොටුවී ඇති අතර නැවතත් තරප්පු පේළිය ඔස්සේ බිමට බසිද්දී කාන්තාවගේ සැමියා පොල්ලකින් දමා ගසා තිබේ.

සැකකරුගේ පාදයකට පොල්ල වැදී ඔහු නොණ්ඩි ගසමින් දුවද්දී පැමිණ ඇත්තේ දන්න හඳුනන අයෙකු බව සැමියා අනාවරණය කරගෙන තිබිණි. පසුව අනුරාධපුර මුලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයට ඒ සම්බන්ධයෙන් පැමිණිලි කරන්නට ඔහු කටයුතු කළේය.

තමා ආවේ බිරියගේ රූමත් යෙහෙළිය නිදාගන්නා හැටි දැකීමේ ආශාවෙන් බව ඔහු එහිදී පවසා තිබේ.
සැකකරු පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තද පසුව සැකකරුට තරයේ අවවාද කර පැමිණිල්ල සමථයකට පත් කිරීමට පොලිසිය කටයුතු කර තිබිණි.