සුගියදා හදිසියේ අභාවප්‍රාප්තවූ රූපවාහිනී මාධ්‍යවේදී  හේම නලින් කරුණාරත්නගේ මරණය ඔහුගේ උපන් ගෙය වූ ජාතික රූපවාහිනිය වාර්තා කළ ආකාරය ගැන විවේචන මතුව තිබේ.
 මරණය වාර්තාවූ ජුනි 5 දින අනෙක් පුද්ගලික නාලිකාවල මුල් පුවත් අතරට මෙම පුවත විශේෂවී තිබියදී
රාත්‍රී 8.00 ට ඇරඹෙන ජාතික රූපවාහිනී

ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සියලු වැදගත් පුවත් හමාර කර 8.28 ට පමණ මෙම පුවත වාර්තා කරන ලද අතර මෙය අනපේක්ෂිත සමුගැනීමක් බව හෝ වාර්තා කර නොතිබිණි.

1983 සිට 2000 වසර පමණ දක්වා දශක දෙකකට ආසන්න කාලයක් ඔහු රාජකාරී කළ ආයතනය වූයේ ජාතික රූපවාහිනියයි. ඒ වෙත ප්‍රේක්ෂකයින් ඇද බැඳ තබාගැනීම වෙනුවෙන් නිර්මාණශීලී කැපකිරීමක් දැරූ ඔහු එදාමෙදා තුර ජාතික රූපවාහිනියෙන් බිහිවූ අතළොස්සක්වූ විශිෂ්ට සන්නිවේදකයින් අතර මුල්පෙළේ අයකුද විය.

එසේ තිබියදී ඔහුගේ සමුගැනීම කිසියම්ම ප්‍රමුඛ වටිනාකමක් ලබා නොදී වාර්තා කිරීම මෙන්ම ඔහුගේ අභාවය අනපේක්ෂිත ආකාරයෙන් සිද්ධවීම ජාතික රූපවාහිනියට  ප්‍රවෘත්තිමය අගයක් නොහැඟී තිබීම ගැන විවේචන පළව තිබේ.
පහත පළවන්නේ සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ අදහසකි.